“මෙය ශ්‍රි ලංකාවද අඩු වැඩි වශයෙන් අත් විඳිමින් සිටින අප්‍රසන්න තත්වයක් ලෙස සැලකිය හැකිය. නීතියට ඉහලින් සිටීමේ අයිතිය කිසිවකුට නොතිබිය යුතු නැතිනම් එම ප්‍රතිපත්තිය අන්තර්ජාලයටද අදාළ විය යුතු බව මෙම විවාදයේදී රාවය පල කල මතය විය.එසේම සියලු ප්‍රවෘත්ති වෙබ් අඩවි වල සිදු කැරෙන වාර්තාකරණයන් සඳහා ජනමාධ්‍ය විෂයයෙහි පිළිගත් සදාචාර ප්‍රතිපත්ති අදාළ විය යුතු බවද රාවයේ මත විය……
…….. සමහර වෙබ් අඩවි සැලකිය හැක්කේ ත්‍රස්තවාදි ව්‍යාපාරයකටත් වඩා විනාශකාරි ව්‍යාපාර ලෙසය. ඔවුන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීම සේම ශ්‍රී ලංකාව සඳහාම පල කැරෙන වෙබ් අඩවි නීතියේ පාලනයට යටත් තත්වයක ගැනීම රටේ යහපත් ඉදිරිපත් ගමනක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. “
රාවය යන නම දෙතැනක සටහන් නොවන්නට ඉහතින් දැක්වෙන කොටස උපුටා ගත්තේ ආණ්ඩුවේ දිනමිණ පත්‍රයෙන් හෝ ස්වාධීන රූපවාහිනියට මහින්ද අබේසුන්දර ලියන විමසුම වැඩ සටහනෙන් යැයි කෙනෙකුට සිතෙනු ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අන්තර් ජාල කටයුතු වාරණය සඳහා ගෙන ඒමට උත්සාහ කල සෝපා හා පයිපා යන පනත් දෙක ගැන මෙවර රාවයේ කතුවැකිය ලෙස ලියවුනු ඉහත කොටසද අඩංගු ලිපිය , රචනා ශෛලියත් අන්තර්ගතයත් අනුව ලියා ඇත්තේ අන් කිසිවකු නොව ලඟදීම පටිසෝතාගාමි 25 වසරක් සමරන රාවයේ අයිතිකාර වික්ටර් අයිවන්ම විය යුතුය. ඒ මෙවන් කාලකන්නි ලිපියක් ලියන්නට තරම් වෙන එකෙක් රාවයේ නැති බැවිනි.
වෙබ් අඩවි වලට නීතියට ඉහලින් සිටිය නොහැකි බවට කෙස් පලන මොහුට ශ්‍රීලංකාවේ පාලකයින් සිටින්නේ නීතියට ඉහලින් බව පෙනෙන්නේ නැත. ඔවුන් නීතිය කෙලසමින් සිටිත්දී ඒ ගැන ඔහු අන්ධය.
රාජ්‍ය මාධ්‍ය හා ආණ්ඩුපක්ෂයට වහල් කම් කරන පෞද්ගලික මාධ්‍ය මාධ්‍ය භාවිතයේ සියලු සදාචාර සීමාවන් ඉක්මවා යද්දී ඒ ගැන බිහිරෙකු හා ගොළුවෙකු මෙන් සිටින අයිවන් , වෙබ් අඩවිවල සදාචාරය ගැන කථා කරයි.
ලංකාව තුල සියලු මාධ්‍ය , අයිවන්ගේ රාවයද ඇතුලුව , රාජපක්ෂ රෙජිමයේ නිල හෝ නොනිල ග්‍රහණයට හසුව , ඔවුන්ට ගැතිකම් කරමින් සිටින මේ මොහොතේ ඊට එරෙහි විකල්ප මාධ්‍ය මෙහෙයක් යම් තරමකට හෝ ඉටු කරන්නේ වෙබ් අඩවි මගිනි.
විශේෂයෙන් ශ්‍රි ලංකාව තුල ශීඝ්‍රයෙන් හිස ඔසවමින් එන අතුරුදහන් කිරීම් ,මාධ්‍ය මර්ධනය ඇතුලු මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව මෙම වෙබ් අඩවි ගෙනයන ප්‍රචාරය රජයට බලවත් හිස රදයක් වී ඇත.
වික්ටර් අයිවන් තම කතුවැකි හා දේශපාලන ලිපි මගින් මේ උත්සාහ කරමින් සිටින්නේ ඉදිරියේදී ඒමට නියමිත එම වෙබ් අඩවි මර්ධනය වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් කර දීමයි. ඒ වෙනුවෙන් ඔහුට කීයක් ලැබේ දැයි අපි නොදනිමු. ජුදාස් නම් ජේසු තුමන් පාවා දුන්නේ රිදී තිහකටය.





අබරන් සීයා
/ ජනවාරි 28, 2012මිනිස්සු අන්තර්ජාලයෙන් නීති ගරුක නොවන දේවල් කරනවා කියන මේ අය ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කගේම තොරතුරු (පවුද්ගලික හා දේශපාලන ප්‍රවණතා) එකතු කරලා CIA එකට විකුණන මුණු පොත වගේ ඒවාට මොනවද කියන්නේ ?? (උදා මුණු පොතේ දාන status හරියට analyze කරොත් චන්දයක් තියන්න කලින් දිනන්නේ කවුද කියල හොයන්න පුළුවන් – අනික් රටවල් ගැන මේ වගේ සංවේදී තොරතුරු ඇමරිකාවට යනවා කියන්නේ කොච්චර හානියක් ද? )
Angola
/ ජනවාරි 28, 2012“මුණු පොතේ දාන status හරියට analyze කරොත් චන්දයක් තියන්න කලින් දිනන්නේ කවුද කියල හොයන්න පුළුවන් ”
සීයේ ඔහොම කරන්න පුළුවන් නම් අපේ ජනාදිපතිතුමා දිනුවේ කොහොමද?
අබරන් සීයා
/ ජනවාරි 28, 2012සරත් පොන්සේකා මහත්තයට මිනිස්සු කැමති උනාට … රැස්වීම් වලට ගියාට … ගොඩක් අය චන්දෙ දුන්නේ නෑ… එකය් සත්‍ය … ඔය කොම්පුටෙර් ජිල්මර්ට් බොරු කතා …. චන්ද ගනකරනකොට ටැලි ශීට් හදනවා .. ඒවා කාටවත් වෙනස් කරන්න බෑ
දැන් මෙහෙම දෙයක් උනා කියමු … ඇමරිකාව ඇවිත් කියය ද අපි මුණුපොතෙන් දැනගත්ත මේක මෙහෙම නෙවෙය් කියල කියල …. එහෙම නෙවෙය් ඒ ඔක්කොම උන්ගේ වාසියට යොදාගන්නේ …. ඉස්සර ඩොලර් මිලියන ගණන් යොදවල (ලංකාව ගැන ඔත්තු බලන්න නෙවි .. පොදුවේ කියන්නේ ) හොයාගත්ත රහස් තොරතුරු දැන් අපේ උන්දලා නොමිලේම ඇමරිකාවට පොම්පකරනවා …
vishva
/ ජනවාරි 28, 2012moda katha kiyanna epa abaramo. Kawawath balen facebook ekata aran nane. Epanam man wage noya hitapan
අබරන් සීයා
/ ජනවාරි 29, 2012තමන්ට තේරුම් ගන්න බැරි කතා කියපු ගැලිලියෝ වගේ අයත් කාලයක් මිනිස්සුන්ට පෙනුනේ පිස්සෝ වගේ …. ඔහේ මට මෝඩයා කියනවනම් මේකට විරුද්දව තර්ක කරන්න … තර්ක කරලා පුළුවන් නම් මම වරදිය් කියල පෙන්නන්න …. තනි මිනිහෙක් විදිහට මගේ තොරතුරු කාටවත් වැඩක් නෑ … නමුත් මිනිස්සු 10000 කගේ තොරතුරු .. අදහස්…. සතයක් වත් වියදම් කරන්නේ නැතුව ලැබෙනවා නම් ලෝකේ මොන බුද්දි අන්ශේද අකමැති වෙන්නේ ??
අබරන් සීයා
/ ජනවාරි 29, 2012http://youtu.be/DIGdWsxHJlM
http://youtu.be/Hp8rJVWC2a0
මේවත් බලල හිටිය නම්
ජයශ්‍රී
/ ජනවාරි 28, 2012@”ශ්‍රීලංකාවේ පාලකයින් සිටින්නේ නීතියට ඉහලින් බව පෙනෙන්නේ නැත”
කෙනෙක් වැරදිකිරීම අපට ද වැරදි කිරීමට බලපත්‍රයක් නොවේ.
දම්රුවන්
/ ජනවාරි 28, 2012එහෙනම් වැරදි කරන අයට ඒ වැරදි සදහටම කරන්න බලපත්‍රයක් දෙමු නේද? ඒකවේ ඔය කියන්ට තනන්නේ..
ජයශ්‍රී
/ ජනවාරි 29, 2012සිංහල නොතේරීම ගැන දුකයි.
නැවත කියන්නම්. පාලකයන් නීතියට ඉහලින් සිට වැරදි කරනව නම් ඊට එරෙහි වනවා මිස අප ද ඒ වරදම කලයුතු නෑ.
raigama
/ ජනවාරි 28, 2012අයිවන් අයියාගේ කෙරුම් ගැන කතා කිරීමත් නිෂ්පල ක්‍රියාවක්. මෙතුමා තමයි බටහිර මාධ්‍ය සදාචාරයයි, බටහිර නීතියයි ගැන කතා කරන්නේ. නමුත් මේ කියන බටහිර රටක අර “චෞර රැජින” කියන පොත පළ කෙරුවා නම් මේ අයියට තමන් බංකොලොත් කියල ප්‍රකාශ කරන්න වෙනවා (නඩුවෙන් පැරදුනහම ගෙවාගන්න සල්ලි නැතුව). චන්ද්‍රිකා කියන්නේ චෞර රැජිනක් වෙන්න පුළුවන්. නමුත් ඕපාදුප කතා හා දැනට ජිවත් නොවන අය කිව්වා කියන දේවල් වලින් පොතක් ගහන්න තරම් මේ මිනිහා ගොනෙක්ද? අර ප්‍රේමදාසට කිරිකල කතා ලියුවා කියල මිනිසුන් මැරීම පවා සාධාරණිය කරණය කරන මිනිහා නේද මේ?
Maathalan
/ ජනවාරි 28, 2012ගරු කල මාධ්‍යවේදියෙක්. අද රෙදි නැතුව මහින්ද මහත්තයට කඩේ යන හැටි දැක්කම. රාවය කියවන්නත් ලැජ්ජයි. ඔයිට වඩා හොඳයි ලූෂන් වගේ ලොක්කා ගාව වැඩට ගියානම්. අනික පොර හිතාගෙන ඉන්නේ සියල්ල දත් කියලා. මේ ළඟදී ආරියරත්නට ගහලා තිබුනේ. මෙයා කිසිම වැරද්දක් නොකරපු කෙනෙක් වගේ. ඇත්ත කතාවනම්. දූෂණ අක්‍රමිකතා හෝ මේ ආන්ඩුව පිළිබඳ විවේචනයක් පොරගේ අතින් ලියවෙන්නේම නෑ. මහින්ද අබේසුන්දර්ත් විකටර් අයිවනුත් දෙන්නම කරන්නේ එකම දේ.
Ravi
/ ජනවාරි 28, 2012මටම වේලපු අර මොකාගෙද මොහොකින්ද ගහගන්න හිතෙනව මේ මනුස්සය කලක් මගෙත් පරමාදර්ශී චරිතයක් වෙලා හිටියයි කියල මතක් වෙනකොට….
/ ඔවුන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීම සේම ශ්‍රී ලංකාව සඳහාම පල කැරෙන වෙබ් අඩවි නීතියේ පාලනයට යටත් තත්වයක ගැනීම රටේ යහපත් ඉදිරිපත් ගමනක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. “ /
අම්මප….බුදු ෂුවර් ද මිස්ට අයිවං….වෙබ් අඩවි පාලනය කරන එක තමයි එතකොට රටේ යහපත් ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය කොන්දේසිය?…..හෙහ්, හෙහ්, වසරේ සොයා ගැනීම……
Herath
/ ජනවාරි 28, 2012වයසත් එක්ක එන සංකුලතාවක් වෙන්න බැරිද? අතීතය අමතක වීමක්! අවස්තා අතර සම්බන්දය ගිලිහිමක් වගේ ගැටලුවක්!!
ඉන්දුජිත්
/ ජනවාරි 28, 2012මහින්ද මහත්තයට මම සලකන්නේ එක කරුණක් නිසයි. එතුමා තමයි අපි කලක් අදහගෙන හිටපු දැවැන්ත සිවිල් චරිත, කලා ඔස්තාර්ලා, සමාජවාදේ පියවරු, යකාට වත් බය නැති ජර්නලිස්ට් පප්පලා වගේ උන්ගෙ ඇතුලෙ ඉදලා තියෙන්නෙත් අනිත් උන්ටත් අන්ත බලුකුක්කෝ බව රටට පෙන්වා දුන්නේ. මේ සේවාව කොටි පරදවපු එකටත් වඩා අනාගත පරපුරේ මොළ වලට වටිනවා.
maathalan
/ ජනවාරි 29, 2012මසුරන් කියුම්.. මමත් මහින්ද මහත්තයට කැමති ඒ නිසයි. මහින්ද මහත්තය කරන ඒවා රනිල් කරානම්. වෙලහකට රනිල් මරලා.. ඔක්කොන්ගෙම රෙදි ගලවලා කඩේ යවන්නේ..
අබරන් සීයා
/ ජනවාරි 29, 2012“Everyone should understand that when they add their friends to Facebook, they are doing free work for United States intelligence agencies, and building this database for them,” Assange said.
http://mashable.com/2011/05/02/julian-assange-facebook-spy-machine/
kandula
/ ජනවාරි 29, 2012Well my friend, its not only Facebook, Twitter announced yesterday (28 Saturday) that they can selectively block tweets in individual countries. Facebook, Twitter, Google, Hi5, MSN all these are American companies and they have gentleman’s agreements with not only CIA, but many American intelligence agencies.
The major agency that analyses web traffic for intelligence gathering is the NSA (National Security Agency) who’s mandate is electronic surveillance. They have access and enough supercomputing horsepower to not only analyse billions of Facebook and Twitter conversations, bit also analyse billions of email messages going through Hotmail, Gmail, Yahoo Mail and other email services.
All work of NSA is classified, but you can read about FBI’s project Carnivoure on wiki, which is also to track and analyse email messages… http://en.wikipedia.org/wiki/Carnivore_(software)
kandula
/ ජනවාරි 29, 2012වික්ටර් අයිවන් දැන් රජතුමාට කඩේ යන බව පේනවා. එතුමා ලියන ලිපි ගොඩාක් ආණ්ඩුව පැත්තට වැඩි කරලා ලියන බව තමයි පෙනෙන්නේ. ඒත් වික්ටර් අයිවන්ගේ ක්‍රියාකලාපය පහත සඳහන් කරුණුත් සමග සසඳලා බලන්න…
1] අයිවන් මහතා සිය පුවත්පත තුල රජය විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන ලියන ලේඛකයින් හට දොර විවෘත කොට තිබීම
2] රටේ මාධ්‍යකරුවන් මුහුණපා ඇති භයානක තත්වය හමුවේ අයිවන් මහතා ඔය විධියේ සමබර කිරීමක් නොකලහොත් ඔහුට මෙන්ම ඔහුගේ පත්තරේටත් සුදුවෑන් දිශ්ඨිය වැටෙන්නට ඉඩ තිබීම
3] තවමත් හරබර, ගවේශණාත්මක ලිපි අතලොස්සක් හෝ ඇති පුවත්පත් කිහිපයෙන් එකක් රාවය වීම
– මාගේ පෞද්ගලික අදහසයි. නිවැරදිකිරීම හා විවේචනයට විවෘතයි….
gadfly
/ ජනවාරි 29, 2012ඇත්තය. ඒ ලෙස දෙපැත්ත කෑමෙන් ආණ්ඩුවේ හොඳ නම පමණක් නොව ආණ්ඩූ විරෝදී මාර්කට් එකද අල්ලා ගත හැකිය.
ataya
/ ජනවාරි 29, 2012“එරෙහි විකල්ප මාධ්‍ය මෙහෙයක් යම් තරමකට හෝ ඉටු කරන්නේ වෙබ් අඩවි මගිනි.”………..පුක තමා….
gadfly
/ ජනවාරි 29, 2012කාගෙද?
prasad78
/ ජනවාරි 30, 2012ethakota nidahas madya vyapareye hitapu un salli tikata widala ratinuth panala salli walata liyanne RIDI KEEYAKATADA…………….?
sarath
/ පෙබරවාරි 3, 2012Web adavi thulin ,prasidtha ung ge samarara ketha hesireem wuwada prasidhdha kireema samaaja viroodhie awakriyaawak lesa Victor Ivon dakiy. Namuth oya kiyana pasidhdoohu prasidda wune nikanmada ? Netha. Owhoo samaajaye ihalata esawooyeda , owunge bhoomikaawa padanamin samaajaya visinmaya.Aenisaa owhoo samaajayata wagakiwayuthui. Samaajayata wagakiwayuththo owunta risi oonema kunuharapayaka yedheema samaaja viroodhie wanawaa menma,samaajayata pilithuru diya yuthuwa athi bevin, athawesi maadya ahaka balaagena sitidththie, vidyuth kele patthara yai hanwadu gasanin pawathina web adavi karanne samaajamaya yuthukamak noweda ?