මීට වසරකට පමණ පෙර සබරගමු ආණ්ඩුකාර විජමු ලොකු බණ්ඩාර , පලාතේ රාජ්‍ය සේවකයින් උදේ අටට පෙර සේවාස්ථානයට පැමිණ පන්සිල් ගතයුතු යැයිද ,පෝයට පන්සල් නොගියහොත් වැටු වර්ධක නොදෙන්නේ යැයිද ගුරුවරුන් හා සිසුන් සෑම පෝයකටම පන්සිල් ගත යුතු යැයිද ආදිවශයෙන් වූ නොයෙක් නීති පනවන බවට දෙඩෙව්වේය.
අප සිතුවේ රාජපක්ෂ පවුලේ අනෙකුත් අන්තේවාසිකයන් කරන පරිදි මෙයත් හුදෙක් ලකුණු ටිකක් දමා ගැනීම සඳහා කරන ප්‍රකාශයක් පමණක් බවයි.
එහෙත් අද දින රාවය පුවත් පතේ සඳහන් වන පරිදි එය එසේ නොවේ.
සබරගමු පලාතේ රාජ්‍ය සේවකයින්ට වාර්ෂික වැටුප් වර්ධක ලබා දීමේදී ඔහු හෝ ඇය පන්සල් ගියාදැයි බැලෙනු ඇත. මෙසේ කියා ඇත්තේ දේශපාලකයෙක් නොව පලාතේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන ප්‍රධාන ලේකම් වරයාය.
ඔහු කියන පරිදි යමෙකු පෝයට පන්සල් නොගියහොත් එසේ කිරීමට නීතියක් නැතත් , වැටුප් වර්ධක අහිමි වනු ඇත.එසේම පෝය දිනයේදී කරන රාජකාරි වලට අතිකාල දීමනා නොගෙවන බවද ඔහු කියයි.
මේ අමන දේශපාලකයින් හා මොට්ට නිලධාරින් කියන පරිදි ක්‍රිස්තියානි, මුස්ලිම් , හා හින්දු භක්තිකයන්ද පෝයට පන්සල් යා යුතුද? නැතිනම් මෙලෙස ආගම ඇදැහීම ගැන නීතියට යටත් වන්නේ බෞද්ධ සේවකයෛන් පමණක්ද?එසේ නම් එය ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
මෙහිදී මතුවන අනිත් ප්‍රශ්නය නම් කෙනෙකු බෞද්ධයෙක් නම් ඔහුගේ ආගමික වතාවත් කිරීමට අනිවාර්යෙන්ම පන්සල් යා යුතුද යන්නයි. යමෙකු ආගමක් අදහන විදිය තීරණය කිරීමට තමන්ට හැකි යැයි මේ මොට්ටයින්ට සිතා සිටින්නේ ඔවුන් බුදු හාමුදුරුවන්ටත් වඩා ලොක්කන් නිසා විය යුතුය. අප දන්නා බුදු දහමේ නම් මෙවැනි අමන නීතී නැත. මෙවැනි නීති ඇත්තේ තලේබාන් රාජ්‍යයන් වල පමණි. විජමුලාගෙ අරමුණ ශ්‍රී ලංකාව තුල බෞද්ධ තලේබාන් රාජ්‍යයක් බිහි කිරීමයි.
මේ නීතිය අනුව ඇටමැස්සා සබරගමු පලාතේ රාජ්‍යසේවකයෙක්ව සිටියේනම් ඔහුට කිසිදාක වැටුප් වැඩි වීම් නොලැබෙනු ඇත. මක් නිසා යත් ඔහු කිසි ආගමක් නො අදහන්නෙකු බැවිනි. උපතින් බෞද්ධයෙක් වූවත් , දැනුම් තේරුම් ඇති වයසට එන විට , ආගම් වලින් මිනිසුන්ට වන්නේ හොඳකට වඩා නරකක් බව අවබෝධ වීම තුල ඔහු සම්පූර්ණයෙන්ම ආනාගාමිකයෙක් විය.
මිනිසෙකුට කැමති ආගමක් ඇදහීමට මෙන්ම ආගමක් අදහා නොසිටීමේ අයිතියද තිබිය යුතුය. එය මිනිසාගේ මූලික අයිතියකි. එය අහිමි කිරීමට අමන දේශපාපාලුවන්ටවත් ඔවුන්ගේ පස්සේ යමින් ගොං පස් අල්ලන තකතිරු නිලධාරින්ටවත් ඉඩ දිය යුතු නැත.
මෙවැනි මෝඩ තීරණ සඳහා ඔවුන් යොමු කරන එක් සාධකයක් වනුයේ ශ්‍රී ලංකාවේ ආගම හා රජය අතර සම්බන්දයයි. එනම් බුද්ධාගම ශ්‍රී ලංකාවේ රාජ්‍යාගම යනුවෙන් නීතිගත වීමයි. මේ තත්වය වෙනස් කල යුතුය. රාජ්‍යාගම් අවශ්‍ය නැත. ආගම හා රජය වෙන් කල යුතුය.
බුද්ධාගම ඇතුලු සෑම ආගමකටම දී ඇති වරප්‍රසාද ඉවත් කල යුතුය.එක් ආගමකට අනෙකට වඩා වරප්‍රසාද නොතිබිය යුතුය. ඒ අතරම කැමති කෙනෙකුට කැමති ආගමක් ඇදහීමේ නිදහස මෙන්ම ආගමක් නො අදහා සිටීමේ නිදහස ද ලබා දිය යුතුය. ආගමික උම්මත්තකයින්ගෙන් පිරි තලේබාන් රාජ්‍යයක් බිහි වීම වලක්වා ගත හැක්කේ එලෙසය.




චීචර ධාරියා
/ ජනවාරි 27, 2012එහෙම කියන්න එපා පිංවත, අපිත් ජීවත් වෙන්න එපායැ.
maathalan
/ ජනවාරි 27, 2012අන්‍යාගමික.. පිස්සූ ගහකට ගලකට හරි වැඳපන්. නැත්නම් වීජමූගේ රූපෙකට හරි. ඒ වගේද අනික් පලාත් වලත් නීතිය පනවලා ලොක්කා අනුමත කලාම. සමහරක් විට ලොක්කා ගාවට ආවම අකුල ගන්නත් පුළුවන්..
Ravana
/ පෙබරවාරි 4, 2012මර්වින් සිල්වාගෙ පුකට වැන්දානං හරි!
ගෝතයා
/ ජනවාරි 27, 2012ඔබ අනාගාමීතත්වයට පත් වෙලා කිවේ…..:)))))
gadfly
/ ජනවාරි 27, 2012non religious
ජයශ්‍රී
/ ජනවාරි 28, 2012මම හිතුවේ ඇටමැස්සා මාර්ගඵල ලබල කියල. නිවැරදි වචනය “අනාගමික” හෝ “නිර්ආගමික” විය යුතුයි.
අබරන් සීයා
/ ජනවාරි 27, 2012බුද්ධාගම ඇතුලු සෑම ආගමකටම දී ඇති වරප්‍රසාද ඉවත් කල යුතුය.එක් ආගමකට අනෙකට වඩා වරප්‍රසාද නොතිබිය යුතුය.
———-
මේකනේ දැන් සීන් එක ඉස්ලාම් වලට විසේස වරප්‍රසාද තියෙන රටවල් තියෙනවා … ක්‍රිස්තියානි වලටත් එහෙමිය් (USA ජනාදිපති දිවුරන විදිහ පොඩ්ඩක් අහල බලන්න ) බ්වුද්ද්යන්ට තියෙන්නේ අබ ඇටයක් වගේ මේක විතරය් ….
tom and jerry
/ ජනවාරි 27, 2012“බ්වුද්ද්යන්ට තියෙන්නේ අබ ඇටයක් වගේ මේක විතරය් ….”
ඔබේ කියමන බුද්ධ දර්ශනය හා එකඟ නැත. සුද්ධෝදන රජු තම රාජ්‍යය භාර ගන්නා ලෙස ඉල්ලා සිටි විට බුදුහාමුදුරුවන් එය ප්‍රතික්ෂේප කලහ.
UP
/ ජනවාරි 27, 2012USAවල අන්ත ආගමික ක්‍රිස්තියානි කල්ලි රජය ක්‍රිස්තියානි කරගන්න වලි කන එක ඇත්ත. ඒ උනාට වැඩි හරියක් තැන්වල ආගම ගාව ගන්නේ නෑ.
උදාහරනයක් විදිහට රජයේ ඉස්කෝලවල ආගම උගන්නන්නේ නෑ. මගේ ලමයගේ day careඑකේ උනත් නත්තලවත් සමරන්නේ නෑ, මොකද එක එක ආගම් වල කට්ටිය එතන ඉන්න නිසා
Sasindu Mendis
/ ජනවාරි 27, 2012ආගම යනු කෙනෙකුගේ පුද්ගලික කාරණයකි, මෙවන් ගැටළු බොහොමයක් ඇති වීමට ප්‍රමුකතම හේතුව සුදුසු තැන වල සුදුස්සන් නොසිටීමයි.
කොහොම වෙතත් කුමන අර්ථයෙන් ගත්තත් අවසානයේ බලන විට සියලුම සංවිධානාත්මක ආගම් අවැඩක් ම සිදු කරයි.
චීචර ධාරියා
/ ජනවාරි 28, 2012http://www.punkalasa.org/?p=22
kathandarakaraya
/ ජනවාරි 28, 2012බුදු හාමුදුරුවෝ හිටියා නං වෙනිං ආගමකට යනවා මුංගේ වැඩ දැකලා.
ජයශ්‍රී
/ ජනවාරි 28, 2012වැටුප් වර්ධක නොදෙන බවට තර්ජනය කර ජනතාව බලහත්කාරයෙන් පන්සල් යැවීමට කටයතු කිරීම මෝඩ වැඩකි.එනිසා එය හෙලා දකිමු.
නමුත් ඒ මෝඩ වැඩයට මුවාවී අප රට තුල බුද්ධාගමට ඇති ප්‍රමුඛත්වය අහෝසි කළ යුතු යයි මතයක් ගොඩනැගීම කිසිසේත් ම සාධාරණ නොවේ.ව්‍යවස්ථානුකූලව රට තුල ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු විය යුතු අතර මෙය බෞද්ධ රටක් ලෙස දිගටම පැවතිය යුතුය.
Ravana
/ පෙබරවාරි 4, 2012It is not upto the government what we do in bathrooms. It is not up to the government what we do in bedrooms. It is not upto the government what we do in “shrine” rooms.
;-(
/ ජනවාරි 28, 2012පන්සල් ගිය බව ඔප්පු කරන්න හාමුදුරුවන්ගෙන් අත්සනක් අරගන්න වෙයි යන දාට .නැත්තන් කොහොමද ගියාමයි කියන්නේ ??
Hasitha
/ ජනවාරි 30, 2012tom and jerry
/ ජනවාරි 27, 2012
“බ්වුද්ද්යන්ට තියෙන්නේ අබ ඇටයක් වගේ මේක විතරය් ….”
ඔබේ කියමන බුද්ධ දර්ශනය හා එකඟ නැත. සුද්ධෝදන රජු තම රාජ්‍යය භාර ගන්නා ලෙස ඉල්ලා සිටි විට බුදුහාමුදුරුවන් එය ප්‍රතික්ෂේප කලහ.
මා දන්නා තරමින් බුදුරජාණන් වහන්සේගෙන් කිසිවෙක් සුද්ධෝදන රජු හෝ රාජ්‍ය භාරගන්නා ලෙස ඉල්ලා නැත.
සිදුහත් කුමරා නම් සුද්ධෝදන පිය රජුහෙන් උරුම වන්නට ගිය රාජ්‍යා අත්හැර අබිනික්මන් කළ අතර සිදුහත් බෝසතාණෝ නම් බිම්බිසාර රජු පිරිනැමූ මගධයෙන් අඩ ප්‍රතික්ෂේප කරන ලදී