කල්‍යාණ මිත්‍රයෝ බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා සිටිය යුතු බව කිව්වේ පුරාණ කවියෙක්ය.
අපේ ලොකු තැනට යාලුවෝ ඉන්නේ ස්වල්ප දෙනෙක්ය. ලිබියාවේ ගඩාෆි ඒ අතර හිටි හොඳම යාලුවෙක්ය. ඒ උනාට ගඩාෆි ලඟින් ඉඳගෙන ගඩාෆිගේ අත තමන්ගේ කරේ දාගෙන ගුවන් කරණම් බලපු ලංකාවේ කළ්‍යාණ මිත්තරයා ගඩාෆිට කෙලවෙන කොට ඇහක් ඇරලා බැලුවේ නැත.
කාණුවක් අස්සේ හැංගිලා හිටි ගඩාෆිව ඇදගෙන ගිහිල්ලා බල්ලෙක් වගේ මරා දාන කොට මීක් කිව්වේ නැත. ගඩාෆි කියන්නේ කවුදැයි නොදන්නවා වගේ අහක බලාගෙන හිටියේය. යාලුවෝ දෙන්නා කරේ අත දාගෙන උන්න හැටියට අපි හිතුවේ , ගඩාෆිට ගහන කොට මෙහෙ දෙකක් වෙන්න නටලා උඩ පැනලා හමුදාවකුත් අරගෙන ලිබියාවට යයි කියලාය.
ඒත් අන්තිමට ගඩාෆි මලාම කොලේ ඔය වගේ වාත කේස් වලට දාලා බලන්න මුට්ටියට තියං ඉන්න වීරවංශ ගොය්යයි එයාගේ පුරෝහිත දත් දොස්තරයි ලව්වා සුද්දන්ට නොතේරෙන්ට සිංහල බාසාවෙන්ම ශෝක ප්‍රකාශයක් ලොරි මුදලාලිගේ කැලෑ පත්තරේ පල කිරීමය.
ගඩාෆි ගියයින් පස්සේ අපිට ඉන්න හොඳම යාලුවා තමා ඉරානයේ අහමඩින්ජාඩ් තුමා. කොච්චර යාලුවෝද කියනවා නම් දැක්ක තැන බදාගෙන ඉඹිනවා. උම්මා දෙනවා. වැඩ කෝටියයි.
ගඩාෆිට වගේම ඒ යාලුවගෙත් හෙනහුරු දසාව දැන් ලබලා. ඇමෙරිකාවයි, යුරෝපා සංගමෙයි ඉරානෙට විරුද්ධව සම්බාධක දාල. ඉරානෙන් තෙල් ගන්න එකත් නවත්තලා.විදේශ වත්කම් තහනම් කරලා. ඉදිරියේදී ගඩාෆිට දුන්නා වගේ බැටේ දෙන්න යන්නේ.
ඔන්න වෙලාව , යාලුකම පෙන්වන්න. ඇමෙරිකාවයි යුරෝපා සංගමෙයි කරන්න වැඩේ වැරදියි කියලා ඊට විරුද්දව සටන කරන්න. ඉස්සරහදී සම්බාධක තවත් වැඩි කරලා ඉරානෙත් ගනුදෙනු සම්පූර්ණයෙන්ම තහනම් කොලොත් ඒ සම්බාධක ගනන් නොගෙන ඉරානෙත් එක්ක දිගටම ගනුදෙනු කරන්න. අන්න එහෙමයි හැබෑ යාලුවෝ වැඩ කරන්න ඕනේ. බිතු සිතුවම් රූ වගේ ඉන්න ඕනේ. කරදරේ වැටුනාම පස්ස හරවන්න හොඳ නෑ. හැබෑ අධිරාජ්‍යවිරෝදියෝ වැඩ කරන්න ඕනේ. අධිරාජ්‍යවාදින්ගේ තීන්දු තීරණ වලට හිස නොනමා සටන් කරන්න ඕනෑ.
ගඩාෆිට වුන දේ වුනා. ගියදේ ගියාවේ. අපි බලමු මේ සැරේවත් යාලු මිත්‍රකම් හරියට වැඩ කරයිද කියලා.





tom and jerry
/ ජනවාරි 26, 2012බිතුසිතුවමක් වගේ ගොළු වෙලා තමයි ඉන්නෙ. පේන්නෙ නැද්ද?
gadfly
/ ජනවාරි 26, 2012ආ එකද ඒ කවියෙන් කියන්නේ ? සද්ද නැතිව ඉන්න කියලද?
maathalan
/ ජනවාරි 26, 2012අඩේ යේක එයා මගේ යාලු මාලූ යොක්කෝම තමා.. යේත් අයියා.. යපිලා පොඩි මිනිස්ෂුනේ..
gadfly
/ ජනවාරි 26, 2012ඒ නම් ඔච්චර කේ ගාන්නේ එයි අප්පා.?
```Outsider```
/ ජනවාරි 26, 2012මේව යාඵකම් නෙවෙයි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
gadfly
/ ජනවාරි 26, 2012රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කියන්නේ එව්වටද?