රජයේ මාධ්‍ය මර්ධනයට එරෙහිව ලබන 25 දා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පැවත්වීමට නියමිත කලු ජනවාරිය වැඩ සටහන බටහිර කුමන්ත්‍රණයක් බව වීරවංශ සහ සමාගමේ වෙබ අඩවිය මෙසේ වාර්තා කරයි.
“කළු ජුලියට සමානව කළු ජනවාරිය නමින් ශ‍්‍රී ලංකාවට අවමන් කිරීම සඳහා මෙම මස 25 වැනිදා සිට දියත් කර ඇති වැඩපිලිවෙලක් ගැන ආරක්‍ෂක අංශ විමර්ශණයක් ආරම්භ කර ඇත.
මෙම වැඩපිළිවෙලේ පුරෝගාමියා නොර්වේ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානයක් බව හෙලිව තිබේ. ශ‍්‍රී ලංකාව තුල බිහිසුණු මාධ්‍ය මර්ධනයක් ඇති බව ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගැන්වීම සඳහා මෙකී ක‍්‍රියාදාමය අරඹා ඇතැයි සනාථ වී තිබේ. මෙම රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ තවත් දෙදෙනෙක් ඇමරිකාවට හා ස්විට්සරලන්තයට පැනගොස් තිබේ.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලබන 27 වැනිදා ඇරඹිසට නියමිත අතර ඊට සහාය වීම සඳහා ‘කළු ජනවාරිය’ නමින් වැඩපිලිවෙලක් අරඹා ඇතැයිද රජයට තොරතුරු ලැබී ඇත”
ඒ ආකාරයේම තවත් කුමන්ත්‍රණයක් පිලිබඳ තොරතුරක් ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් අප වෙත ලැබුණු අතර ඒ පිලිබඳ විස්තරය මෙසේය.
” විදේශ ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාව අවමානයට පත් කිරීම සඳහා බඩගිනි යැයි කියමින් අඬමින් සිටි අවුරුදු දෙකක් වයසැති දරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මේ පිලිබඳ පුලුල් විම්රශනයක් පැවත්වේ. ශ්‍රී ලංකාවේ දරුවන් බඩ ගින්නේ සිටින බව කියමින් රට අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපාරයක් ඇතැයිද එය පිටුපස නෝර්වේ හා ඇමෙරිකාව ඇතැයිද මේ වන විට සනාථ වී තිබේ. ඔවුන් සමග ශ්‍රී ලංකාවේ එන්ජී ඕ කීපයක්, හිටපු එල්ටීටීඊ සාමජිකයන් හා ජවිපෙන් කැඩී ගිය කණ්ඩායමක් සිටින බවද මෙම වැඩ පිලිවෙල අරඹා ඇත්තේ ලබන ඔක් තෝබර් 16 දා පැවත්වෙන ලෝක ආහාර දිනයට සමගාමිව බවද වාර්තා වේ. කුඩා දරුවන් බඩගිනි යැයි කියමින් හඬන්නේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් වශයෙනි.
එම නිසා යම්කිසි දරුවෙකු බඩගිනි යැයි කියමින් හඬන්නේ නම් ඔහු කුමන්ත්‍රණ කරුවන්ගේ ග්‍රහනයට හසු වූ කෙනෙක් බැවින් එවැනි ලමයින් වහාම ලඟම ඇති පොලිස් ස්ථානයට බාර දෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. “





maathalan
/ ජනවාරි 24, 2012වැරදියි.. එහෙම දරුවන් සිටීනම්. වහාම ස්වර්ණවාහිණීයට දන්වා ළඟම ඇති ගඟට විසිකරන්න.. පත්තර කාරයොත්.. මාරයිනේ අනේ.. මාර ෆව පූල් නේ…
jema
/ ජනවාරි 24, 2012සහතික ඇත්ත….ලංකාවේ මර්දනය කිරීමට තරම් සදාචාරාත්මක media තිබේ ද යන්න ප්රශ්නයකි……
```Outsider```
/ ජනවාරි 24, 2012“” විදේශ ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාව අවමානයට පත් කිරීම සඳහා බඩගිනි යැයි කියමින් අඬමින් සිටි අවුරුදු දෙකක් වයසැති දරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මේ පිලිබඳ පුලුල් විම්රශනයක් පැවත්වේ.”‘
මේක ඇත්නම් හෙණ ගහන්න ඕනි අත්අඩංගුවට ගත්ත එවුන්ගෙ ඔඵවෙ ඉඳන් යටිපතුලට යනකම් හැම සෛලයකටම. මොකද අවුරුදු දෙකක දරු පැටියෙක් කවදාවත් බොරුවට බඩගිනියි කියල අඞන්නෙ නෑ. කිරි සප්පයෙක්ව තේරුම් ගන්න බැරි මුං නම් ජීවිතේට දරුවෙක් හදල හෝ හදන තැනක ඉඳලවත් නැතිව ඇති.
Ravi
/ ජනවාරි 24, 2012මේ ඇට මැස්සගෙ බොරුවක්ද කොහෙද?….ඔහොම දෙයක් දැක්කෙ වත් නෑනෙ අපි කිසිම තැනක…ඇට මැස්සා. කරුණාකරල තොරතුරු ලබාගත්ත මූලාශ්‍රය ගැන පැහැදිලි කරනවද?
kathandarakaraya
/ ජනවාරි 24, 2012කියනුම කවරේද?
Ravi
/ ජනවාරි 24, 2012බඩගිනියයි කියමින්හැඬුවේ යයි කියන දෙහැවිරිදි දරුවා පිළිබඳව සත්‍යය හෙළිකිරීම පිණිස අද විමල් වීරවංශ ඇමති වරයා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.
මෙහිදී දෙනෙතින් වෑහෙන කඳුලු පිසදමමින් ඉතා හැඟීම්බරව ඇමති වරයා මෙසේ පැවසීය.
” මේ දරුවා බඩගිනියි කියල ඇඬුව කියල මේ ප්‍රචාරයක් ගෙනියන්නෙ අපේ රටේ සීග්‍ර දියුණුව ඉවසන්න බැරි බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රන කාරයොයි, එන්. ජී. ඕ. ඩොලර් කාක්කොයි. මම මේ දරුව අද උදේ හම්බ වෙලා කතා කලා. ඒ දරුව අඬල තියෙන්නෙ බඩ ගින්නෙ නෙවෙයි.දවසට වේල් පහක් කනව ඒ දරුවගෙ ගෙදර.ඉතින් කොහෙද බඩ ගින්නක්, මට මේ දරුව කිව්වෙ මෙහෙමයි, මෙන්න ඒ දරුවගෙ වචන වලින්ම …….විමල් ලොකු අයියෙ, මට රෝහිත හිච්චි අයිය කාර් රේස් පදිනව බලන්ට යන්ට ආසයි…ඔන්න ඇත්තම හේතුව…ඒ ළමය එක්ක ගිහිල්ල කාර් රේස් පෙන්නනව කියල මම පොරොන්දු උනාම ඇඬිල්ල ඒ වෙලේම නැවතුනා….මේක මේ තවත් විදේශීය කුමන්ත්‍රනයක් මිසක් වෙන මොකවත් නෙවෙයි””