නෙලුම් කුළුනෙ අනුහස

ඇමෙරිකන් ඩොලර් මිලියන් 100ක් නොහොත් රුපියල් මිලියන එකොලොස්දහසක් නොහොත් රුපියල් කෝටි 1100 ක වියදමින් ගොඩ නැගෙන නෙළුම් කුළුණ නම් වූ මීටර් 350ක් වන සම්ප්‍රේෂණ කුලුණ ට පසු ගිය දා මුල් ගල තැබිණි.

ඒ සමග ශ්‍රී ලංකාවට මෙතෙක් තිබූ ලොකුම අඩු පාඩුව සම්පූර්ණ වූ බව ඇට මැස්සා හද පිරි ප්‍රීතියෙන් යුතුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව මෙතෙක් ඌන සංවර්ධිත රාජ්‍යයක් වශයෙන් හැඳින්වූයේ මෙවැනි කුලුනක් නැති නිසා බවත්, කුලුන සමග ශ්‍රී ලංකාවාසි ජනතාවට බොහෝ වාසි ලැබෙන බවත් ඒ සමග හෙලිදරව් වෙයි.

මෙම මහා කුළුණු රාජයා ඉදි කිරීමත් සමග  මෙතෙක් 25% පමණ වන මෙරට මන්දපෝෂිත ළමා ප්‍රතිශතය මාස දෙකක් ඇතුලත බිංදුවට බසිනු ඇත.ශ්‍රීලංකාවේ සියලු පාසැල් රාජකීය ශාන්ත ‍තෝමස් මට්ටමට එක ‍රැයෙන් උසස් වෙනු ඇත. ඒවාට අවශ්‍ය පමණටත් වඩා  ගුරු වරුන්  , උපකරණ හා ලී බඩු, පුස්තකාල ලැබෙනු ඇත. අධ්‍යාපනය නගරබද ගම්බද බේදයකින් තොරව සියලු දෙනාට ලැබෙනු ඇත.

කුළුන විවෘත කර දින තුනක් ඇතුලත ලංකාවේ සරසවි සියල්ල ඔක්ස්පර්ඩ්, හාවර්ඩ් මට්ටමට ලඟා  වෙන අතර උසස් පෙල විභාගයට පෙනී සිටින සියලු දෙනා සරසවි වලට ඇතුල් කර ගනු ඇත. එක ශිෂ්‍යාට එක්කෙනා බැගින් මහාචාර්යවරු  ලැබෙනු ඇත.

නෙලුම් කුලුන ඉදි කිරීමත් සමග වඩාත් විප්ලවවාදි වෙනසකට භාජනය වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයයි. ඒ අනුව මෙතෙක් රජයේ රෝහල් වල තිබූ බෙහෙත් හිඟය සම්පූර්ණයෙන්ම අවසන් වන අතර මින් පසු එක්ස්-රේ, එම්.ආර්.අයි, සී.ටී , රසායනාගාර ආදි දහසකුත් එකක් පරීක්ෂණ සඳහා මුදල් ගෙවා පෞද්ගලික අංශයය යෑමට මෙරට ජනතාවට සිදු නොවනු ඇත. එසේම රජයේ රෝහල් වල ඇඳන් යට රෝගීන් නිදා ගන්නා දර්ශන මින් පසු දැකීමට නොලැබෙන අතර කුලුන විවෘත කර සතියක් ඇතුල්ත සෑම රෝගියෙකුටම ඇඳක් ලැබෙන අතර මාසයක කාලයක් තුල සෑම රෝගියෙකුටම එක කාමරයක් බැගින්  ලබා දෙනවා ඇත.

උතුරුකරයේ කඳවුරු කූඩාරම් තුල , දකුනේ පැල්පත් මුඩුක්කු වල ජීවත් වෙන සැම පවුලකටම කාමර දහයකින් යුත් දෙමහල් නිවසක් කුලුණේ ආනුභාවයෙන් ලැබීමට නියමිත අතර ඊට අමතරව සෑම පවුලකටම මෝටර් රථය බැගින් ලැබෙනු ඇත.

අප මේ පැවසූයේ නෙළුම් කුළුණ නිසා මෙරට ජනතාවට ලැබෙන වාසි වලින් ඉතාම ස්වල්පයකි. එම නිසා මේ උදාර කුලුනු කටයුත්තට  සිතුවිල්ලකින්වත් විරුද්ධ වී ජාතියට ද්‍රෝහි නොවන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටිමු.

.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර 11

  1. මෙව්වා හොඳ වැඩ.. ඒත් මේ සංවර්ධනය මානව සම්පත වර්ධනයටත් යොදවනවනම් තමා හොඳ.. වෙන්නේ නැත්තෙත් ඒකයි..

    පිළිතුරු සැපයීම
  2. අබරන් සීයා

     /  ජනවාරි 23, 2012

    සහතික ඇත්ත මෙයා…. මම ඒ දවස්වල ඔය දළදා මාලිගාව … සිගිරිය … නෙලුම් පොකුණ …. ගල්විහරේ .. සමාදී පිළිම හදනකොටත් විරුද්ද වෙච්චි කෙනෙක් … ඔව්ව බොරු සෝබන වැඩ ….. දුප්පත් මිනිස්සු මෙහෙ කන්න නැතුව ඉන්නවා ….

    පිළිතුරු සැපයීම
  3. ඒවා හැදුවෙත් පිට රටවලින් ගිනි පොලියට ණය අරගෙනද අබගොං සීයේ.

    පිළිතුරු සැපයීම
    • අබරන් සීයා

       /  ජනවාරි 24, 2012

      එදා නම් අපි වගේ එවුන් පොලතු මඩු වල ඉදිද්දී ඕව හැදුවේ …. දැන් ඔය කෙලි කරන්න බැරි නිසා නය ගන්නවද කොහේදෝ ….. ඒ දවස් වල මම කියන එක අහල ඔය සෝබන හදන්නේ නැතුව හැම එකටම උළු සෙවිලි කරපු ගෙදරක් ගැනේ දුන්නනම් පංකාදු පැහැය ….. දන්කලේ ඉන්න අපේ මී මුණුබුරන්ට ඒ ගෙවල් ටික පෙන්න පෙන්න ඉන්න තිබ්බ

      පිළිතුරු සැපයීම
      • අකිල ශ්‍රීනාත්

         /  ජනවාරි 25, 2012

        ඒ කියන්නෙ සීයෙ ආණ්ඩුවත් දැන් මේ කුළුණූ අනම් මනම් හදන්නේ තව අවුරුදු සිය ගණනකින් පස්සෙ පරම්පරාවට බලලා, අතීතකාමෙන් මත්වෙන්න වෙන්න ඕනෑ… ඔවි ඉතින් දැන් යන විදියට ගියොත් ඒ පරම්පරාවටත් අපිට වගේම ඉතිහාසේ ගැන විතරක් හිත හිතා සැනසෙන්න විතරයි වෙන්නෙ.

        පිළිතුරු සැපයීම
  4. සැහ් ඇට මැස්සගේ චිත්ත ප්‍රීතිය වැඩක් නෑ :-(
    මේ වයසට ගිහින් හොට බිම ඇනෙන්න ළඟ කොළඹ නගරේට මොකටද මේ වගේ කුලුණක් ..? මේක හදන්න තිබුනේ අර තාරුන්‍ය පිරි හම්බන්තොටනේ

    පිළිතුරු සැපයීම
  5. දළදා මාලිගාව සිගිරිය. ගල්විහරේ .සමාදී පිළිම හැදුවෙ චීනුන්ගෙන් ණය අරගෙන චීන්නුන්ගෙ තාක්ශණයෙන් කියල අපේ ඇන්තොනී ජැක්සොන් ගොයියා නව මතයක් ඉදිරිපත්කරන්න සූදානම් නෙළුම් කුළුනෙ ෆාහියන් ජහුටා එකේදි.

    පිළිතුරු සැපයීම
  6. මීටර් 350ක් දිග කඹත් දෙනවලු ඒකේ එල්ලිලා මැරෙන්න කැමති මිනිස්සුන්ට.

    පිළිතුරු සැපයීම
  7. අනෙ අප්පේ……ඔය උල වගේ එක හම්බන්තොට වෙරලෙ වත් හිටෙව්ව නං ඕක උඩට නැඟල බලන්න තිබ්බ වරායට නැව් එනවදෙයි කියල………

    පිළිතුරු සැපයීම
  8. රාජකීය ශාන්ත ‍තෝමස් යනු අහවල් මට්ටමක පාසැල් නොවන බැවින් එය අපහසු කාර්යයක් නොවනු ඇත.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 32 other followers