මාරයි මෙයා මේ ගොල්ලොන්ගේ වැඩ, අදහන්නත් බෑ-Unbelieveable

වර්තමානයේ  ලංකාවේ බොහෝදෙනා දේශපාලනය වශයෙන් හඳුන්වා ගන්නේ ඉරිදා පත්තරවල පලවෙන ඕපාදූපා තීරුවයි. මෙම තීරුවට අවශ්‍ය තොරතුරු ලබා දීමට සෑම පක්ෂයකම  නිල වශ්යෙන් කෙනෙක් පත් කර සිටී. ඒ අනුව මේ තීරුවේ පල වෙන්නේ අදාල පුද්ගලයින් විස්න්ම ලබා දෙන තොරතුරුය. මේ දැක්වෙන්නේ  පසුගිය  ඉරිදා සිළුමිණ පත්‍රයේ පලවූ එබඳු විස්තර කීපයකි. කියවා රස  විඳින්න.

1. ඒ අතරට නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න පැමිණියේ “අපේ කෙනෙක් ගේ නඩුවක් තියෙනවා. නාමල් මන්ත්‍රීතුමාට බාර දෙන්න.” කියමිනි.
ගොඩක් නඩු බාරගන්න බෑ. මේ මන්ත්‍රී කමත් එක්ක හැම වේලාවෙම උසාවි යන්නත් බෑනේ.” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේය.

2. ”ඔයාගේ නම විකුණන කට්ටියක් ඉන්නවා. ඒ ගැන ටිකක් සොයල බලන්න. පසුගිය දවසක අපේ ප්‍රාදේශීය සභාපති කෙනකුටත් කවුද කතාකරලා තියෙන්නෙ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්ව කියලයි.” ඇමැති මෛත්‍රීපාල සිරිසේන නාමල් මන්ත්‍රීවරයාට කීවේ තොරතුරු කීපයක්ම කියමිනි.

3. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද එතැනට පැමිණියේ “දැන් දෙන්නම කොණ්ඩ වවල නේද එක ගාණට” කියමින් විමල් වීරවංශ මහතාට සහ නාමල් රාජපක්ෂට විහිළුවක් කරමිනි.

”ඔව්! බැසිල් බාප්පා. අපි දෙන්නම එක ගමනක් යන්න හදන්නෙ” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේ සැවොම සිනහ ගන්වමිනි.

4. ගෙවී ගිය පාර්ලිමේන්තු සතියේ එක් දිනයක ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ පාර්ලිමේන්තුවේ පිහිටි කාර්යාලයට පැමිණි මැති ඇමැතිවරු අතර අපූරු කතාබහක් ඇතිවිය. මේ පිරිස අතර ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද වූහ.

5. ”අපි ෆෙරෝස් කමර්ඩීන් ගේ ‘චමින්ද පුස්වෙඩිල්ල’ නාට්‍යය බලන්න ගියානේ. ජනාධිපතිතුමත් මේ නාට්‍යය හොඳින් රස වින්දා. විමල් අයියත් ආවා නම් හරි හොඳයි” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවැසීය.

6. ”මට එදා කාර්යබහුලයි. මමත් දේශපාලන ප්‍රහසන නාට්‍ය බලන්න හරි කැමැතියි. ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යය බලන්න ගියා. උදයසිරි වික්‍රමරත්නගේ ඒ නාට්‍යයේ දෙබස් මට තාමත් ඇහෙනවා වගේ.” එසේ කියූ විමල් වීරවංශ තම මතකයේ තිබූ ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යයේ දෙබස් කිහිපයක් පවසමින් එක් චරිතයකට පණ දුන්නේ එහි සිටි කවුරුත් සිනහ ගන්වමිනි.

7. ”සන්ධානයේ මැති ඇමැතිවරුන් නම් ක්‍රීඩා කටයුතු, කලා කටයුතුවලට හරියට සම්බන්ධ වෙනවා. ඒත් ඒ කටයුතුවලට සම්බන්ධ වන එ.ජා.ප.යේ අය අඩුයි. නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

8. ”එහෙම වෙන්නේ පක්ෂ දෙකේ පාලන රටාවන් දෙකක් තිබුණ නිසා. නායකයන් දෙදෙනෙක් ඉන්න නිසා. මේ නායකයන් දෙදෙනාගේ සිතුම් පැතුම්වල වෙනසක් මේ තත්ත්වයට බලපානවා.” විමල් වීරවංශ එහිදී පෙන්වා දුන්නේය.

 9. “පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ගෙන නොඑන බවට ජනාධිපතිතුමා දැනටමත් තීරණය කොට තිබෙනවා. එනිසා මෙහිදී අපි ඒ ගැන අවධානය යොමු කළ යුතු නැහැ.” විමල් වීරවංශ එහිදී පෙන්වා දුන්නේය.

10. ඔව්! ඒත් අපට අවධානය යොමු කළ යුතු තවත් කාරණා රැසක් තියෙනවානේ” ජාතික ගුරු සංගමයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පේ‍්‍රමවංශ එහිදී පෙන්නා දුන්නේය.

11. ඇතැම් උප කුලපතිවරුන් කියන අන්දමේ විශ්ව විද්‍යාලවල කැරලිකාර කණ්ඩායම්වල සිසුන් අතර මතවාදී හෝ සංවිධානමය බලයක් නැහැ. ඒ කුඩා කණ්ඩායම් කරන්නේ මේ උප කුලපතිවරුන් ‘පෙට්‍රල්’ විසි කරන තැන්වලට සිසුන්ගේ හදවත්වල තිබෙන ‘ගිනි’ එළියට ගෙන ගිනි තැබීමයි.

12.නමුත් විශ්ව විද්‍යාල ඇතැම් පාලකයන් රූපවාහිනී ඇතුළු ජනමාධ්‍ය මඟින් අතිශයෝක්තියෙන් කරනු ලබන ප්‍රකාශවලින් සිදුවන්නේ මතවාදීව හා සංවිධානමය වශයෙන් පත්ලටම වැටි සිටින ඉහත කී කුඩා කණ්ඩායම්වලට ව්‍යාජ බලයක් සහ ප්‍රචාරයක් ලැබීමයි” විමල් වීරවංශ සඳහන් කළේය.
“විශ්ව විද්‍යාල පරිපාලනය විසින් දඬුවම් ලබා දී ඇති අපරාධ චෝදනා නැති සියලු සිසුන්ට පොදු සමාවක් ලබා ගැනීමටත්, ඊට අමතරව ඊනියා කැරලිකාර කණ්ඩායම්වලට උදව් කරන ‘පුංචි’ උප කුලපතිවරුන් එම තනතුරුවලින් ඉවත්කොට ඒ තැන්වලට උස් මිනිසුන් පත්කරන ලෙසට ඉල්ලා සිටීමට අපි මේ සාකච්ඡාවේදී කටයුතු කළ යුතුයි” ඇමැති විමල් වීරවංශ කීවේය.

13. . 2012 ජනවාරි 16 දින දකුණු කොරියා ජනරජයේ කතානායක පාක් හි චේ ඇතුළු කොරියා ජනරජයේ දූත පිරිසක් කථානායක චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී හමු විය. එහිදී දෙරට අතර පාර්ලිමේන්තු ක්‍රමවේදයන් සහ සම්බන්ධතා වර්ධනය කරගැනීම සඳහා අදහස් හුවමාරු කර ගැනිණි.
ඉන්පසු එදිනම රාත්‍රියේ කථානායක චමල් රාජපක්ෂගේ ආරාධනාවෙන් එම දූත පිරිස රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා කථානායක නිල නිවෙස වෙත පැමිණියහ. ඒ සඳහා නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග සහභාගි වූහ.

14. මෙහිදී ජෝන් අමරතුංග විසින් කොරියානු කථානායක තුමා වෙත ශ්‍රී ලංකාවේ කථානායක තුමා පිළිබඳ විශේෂ ඇගැයීමක් කරන ලදි. “අපිට හොඳ කථානායකතුමෙක් ඉන්නවා. ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් එතුමාට ඉතා කැමතියි. හිටපු කථානායකවරුන්ට වඩා මෙතුමා විපක්ෂයේ සියලු පක්ෂවල අයට සමීපයි. ඒ වාගේම එතුමා අපි සියල්ලන්ටම හොඳින් ඇහුම්කන් දෙනවා. සෘජු හා නිවැරැදි තීන්දු පක්ෂ භේදයෙන් තොරව ලබා දෙනවා. අපි සියල්ලන්ටම සමානව හා සාධාරණව සලකනවා.”

15. මහීපාල හේරත් 2004දී සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු පළාත් කිසිදු පාසලක් නොවසන බවට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹියේය. ඊට අමතරව ඔහු එම වගකීම් බාර ගැනීමට මත්තෙන් වැසී ගිය පාසල් යළි එකිනෙක විවෘත කිරීමට ද කටයුතු කරයි.

15. මේ අතර පළමු ළමයින් 10 දෙනා ලියාපදිංචියෙන් පසු වෙනත් කටයුත්තකට පිටවී යාමට සූදානම් වූ මහ ඇමැතිවරයාට දකින්නට ලැබුණේ නවක දරු දැරියන් අතර තවත් සිඟිත්තියක් ඉකි ගසමින් හඬන අයුරුය.
දැරියගේ මව මහ ඇමැතිවරයා වෙත පැමිණ දැරියගේ නොක්කාඩුව මහ ඇමැතිවරයාට පැමිණිලි කළාය.
“ඔබතුමා අතින්ම දුවටත් පොත් පාර්සලය ගන්න ඕනිලු. සිඟිති දියණිය වෙනුවෙන් මව කළ පැමිණිල්ලට අනුව කුඩා දරුවා වෙත පැමිණ මහ ඇමැතිවරයා පාසලෙන් නික්ම ගියේ හැඬු දරුවාට හිමි පොත් පාර්සලය ද පිරිනමමිනි.

 

 

 

.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර 10

  1. ```Outsider```

     /  ජනවාරි 22, 2012

    අන්න එහෙමයි දේශපාලන විශ්ලේෂණ, විග්‍රහ ඉදිරිපත් කරන්න ඕනි. (මම නම් කියෙව්වෙ නෑ. වෙලාවක් නෑ. බල්ලව නාවන්න තියෙනව)

    පිළිතුරු සැපයීම
  2. මටත් හරිම ප්‍රශ්නයක් ඔව්වා කොහොමද මාධ්‍ය දන්නේ කියලා..
    ඔව්වා රහ කර කර කියවන උනුත් ඉන්නවා..
    මම දන්න එකෙක් ඉන්නවා පත්තරේ ගෙනාපු ගමන් ඔය කෑල්ල තමයි කියවන්නේ..

    පිළිතුරු සැපයීම
  3. හිහි එහෙම තමයි ජාතික පුවත්පත් වුනාම මිනිස්සුන්ගෙ සෞඛ්‍යය ගැන හිතල වැඩකටයුතු කරන්න ඕනි

    පිළිතුරු සැපයීම
  4. එයාල හ‍රි හොදයි නේද මෙයාල

    පිළිතුරු සැපයීම
  5. 1. ”අපි ෆෙරෝස් කමර්ඩීන් ගේ ‘චමින්ද පුස්වෙඩිල්ල’ නාට්‍යය බලන්න ගියානේ. ජනාධිපතිතුමත් මේ නාට්‍යය හොඳින් රස වින්දා. විමල් අයියත් ආවා නම් හරි හොඳයි” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවැසීය.

    ”මට එදා කාර්යබහුලයි. මමත් දේශපාලන ප්‍රහසන නාට්‍ය බලන්න හරි කැමැතියි. බලන්න විතරක් නෙවෙයි මම පොලිටිකල් කොමඩි නිෂ්පාදනය සහ රඟපෑමත් කරනව. මතකනෙ මගෙ අර සුප්‍රසිද්ධ මාරාන්තික උපවාසෙ” විමල් වීරවංශ ඇමතිවරයා පැවසුයේ සැවොම සිනහවේ ගිල්වමිනි.

    2. ගෙවී ගිය පාර්ලිමේන්තු සතියේ එක් දිනයක ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ පාර්ලිමේන්තුවේ පිහිටි කාර්යාලයට පැමිණි මැති ඇමැතිවරු අතර අපූරු කතාබහක් ඇතිවිය.

    මේ පිරිස මෙසේ වැදගැම්මකට නැති ඕපාදූප කියවමින් සිටියදී හදිසියේ එහි පැමිණියේ කුමාරසිරි මහතාගේ බිරිඳය.

    ” මේ තමුසෙ අදවත් ගෙදර එන්නෙ නැද්ද?…..ඉරිද පත්තර වල ඕපදූප තීරුවෙ නම නං වැටෙනව හැම සුමානෙම….අනික මේ මැති ඇමතිවරුන්ටත් වැඩක් එහෙම නැද්ද මේ මනුස්සයගෙ කාමරේට කොයිවෙලෙත් රිංගගෙන වල් පල් කියව කියව ඉන්නව ඇරෙන්න.”

    කුමාරසිරි මහත්මියගේ දෝස් මුරය මැද ඇමතිවරු එකිනෙකා හීන්සීරුවේ ලිස්සා ගියහ.

    3. මහීපාල හේරත් මහ ඇමතිවරයාට පසුගියදා අපූරු සිද්ධියකට මුහුණ දුන්නේය.පළාත් සභාවේ වැදගත් සභාවාරයකට සහභාගී වීමට ආරක්ෂක රථ පෙලද පෙරටු කරගෙන එතුමා ගමන් කරමින් සිටියදී මඟ අසල දක්නට ලැබුණේ අඩක් කොටා සකස්කල කුඹුරක් සහ අත කම්මුලේ රඳවාගෙන නියර පිට වාඩිවී ඒ දෙස සන්තාපයෙන් බලා සිටින ගොවි මහතෙකි.

    ” නවත්වන්න වහාම ” අණ කල මහ ඇමති තුමා වාහනයෙන් බැස ගොවි මහතා අසලට ගියේය.

    ” මොකද ලොකු උන්නැහේ? ”

    ” අනේ බලන්න සෑර්, මට මේ කුඹුර කොටාගන්න විදිහක් නෑ….මට ඉන්නෙ එක පුතයි, ඌ උපාදියකුත් අරගෙන ගෙදර ඉන්නව. රස්සාවකුත් නෑ.”

    ‘වහාම ඇඳසිටි වේට්ටිය සහ ජාතික බැනියම ගලවා තම බී. එම්. ඩබ්ලිව්. රථයේ වහලයේ වැනූ ඇමති වරයා ” දෙන්න ලොකු උන්නැහේ උදැල්ල ” කියමින් කුඹුරට බැස්සේය.

    ” සර් අද පලාත් සභා රැස්වීම?….” මහ ඇමති තුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මතක් කලේ මෙවිටය.

    ” ආ, කට්ටියටම එන්න කියන්න මෙතනට අපි අද පළාත් සභා රැස්වීම මෙතන තියමු…” පැවසූ මහ ඇමතිවරයා සිනාමුසු මුහුණින් කුඹුර කොටාගෙන කොටාගෙන ගියේය.

    පසුව එපරිදිම සබරගමු පළාත් සභා ඉතිහාසයේ මෙතෙක් නොවූ අයිරු එදින පළාත සභා රැස්වීම පැවතියේ හරමානිස් සිඤ්ඤෝ ගොවි මහතාගේ කුඹුරේදීය. මෙහි විශේෂත්වයක් වූයේ රැස්වීමේ මුලසුන හෙබවූ මහ ඇමති වරයා මුලු කාලය තුලම කුඹුර කොටමින් රැස්වීම මෙහෙයවීමය.

    පිළිතුරු සැපයීම
  6. ඉරිදා සිළුමිණ,දිනමිණ වගේ පත්තර කියවන්න කාලය නාස්තිකරන්නේ ඇයි? මම දන්නා කලෙක ඉදන් (රටේ පාලක පක්ෂය මොකක් උනත්) ඔය පත්තර වල කියවන්න දෙයක් තිබ්බේ නම් නෑ.

    පිළිතුරු සැපයීම
  7. මට කියන්න තියෙන්නෙත් ජය ශ්‍රී කියපු දේම තමයි. ඊට වඩා හොඳ කාන්තා පත්තරයක් බලන එක. අඩු ගානේ ශරීර අවයව පිනවනවා…

    පිළිතුරු සැපයීම
  8. මටත් කියන්න තියෙන්නේ ජයශ්‍රී කියපු එකමයි.

    අර කාරයාත් කාලයක් දිණමිණ උපුටා දක්වන එකමයි කොළේ, දැන් නං අඩුයි. අද නම් අපූරු ලිපියක් තියෙනවා කාලාම් ගැන සඳහන්.

    මං සිළුමිණේ බැලුවේ අර “බූවා ගේ කොළම” යි (දැන් ඒක නෑ) වැරදිලා වගේ පුන්කලස යි විතරයි.

    පිළිතුරු සැපයීම
    • කතන්දර, මාතලන් හා ජයශ්‍රීට

      ඇයි හත් දෙය්යනේ අපිට කියලා ටිකක් හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න හොඳනැත්ද ඉඳ හිට සිළුමිණ පත්තරයක් වත් බලලා.

      පිළිතුරු සැපයීම
  9. අසංක

     /  ජනවාරි 23, 2012

    මංගල යෝජනා තීරුව ඔයිට වඩා හොදයි….

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 32 other followers