ආනන්ද කුමාරස්වාමිට ලොකුම ගෞරවය දැක්වූයේ මේ ආණ්ඩුවයි-Honoring Coomaraswami

කොලඹ ආනන්ද කුමාරස්වාමි මාවත  නෙලුම් පොකුණ මාවත යනුවෙන් යලි නම් කිරීම ගැන සමහරුන්ට මහත් රුදාවක් හැදී තිබේ. මේ ගැන මුලින්ම විරෝධය පෑවේ ,ඇටමැස්සාට මතක හැටියට නම්, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ය. ඉන්පසු ධර්මසිරි බණ්ඩාරනායක වැනි තව කිහිප දෙනෙක්ම මේ ගැන තම විරෝධය පෙන්වා තිබිණි.

ඔවුන් කියන්නේ ශ්‍රී ලංකාවේ විසු විශිෂ්ටතම බුද්ධිමතෙක් වන කුමාරස්වාමි මහතාගේ නම වෙනුවට එම මාර්ගය නෙලුම් පොකුණ මාවත යනුවෙන් නම් කිරීම ඔහු  කල මෙහෙය අවප්‍රමාණ කිරීමක් බවයි. ඒ මහා බුද්ධිමතාට කල අවනම්බුවක් බවයි.

අපට නම් සිතෙන්නේ මේ මහත්වරුන් කරුණු හරි හැටි අවබෝධ කර නොගෙන කථා කරන බවයි.

කොළඹට තදාසන්න නගරයක වීදියක් පසුගියදා නම් කලේ රාජ්‍ය නායකයා වෙනුවෙන් වන්දිබට්ටකමේ යෙදෙමින් ගීතයක් ගැයු සහේලි ගමගේ නම් වූ ගායිකාව වෙනුවෙනි. එපමණක් නොව රට පුරා ඇති මාවත් , ප‍ටුවත් , වීදි හා අඩි පාරවලට පවා  නම් යොදා ඇත්තේ අදටත් ජීවත් වෙමින් මහජන මුදල් ගසා කන දේශපාලුවන්ගේ , උන්ගේ ඇඹනියන්ගේ , උන්ගේ ගෙවල ඇති කරන බලු තඩියන්ගේ හා ඒ බල්ලන්ගේ කන්වල සිටින මැක්කන්ගේ පවා නම් වලිනි. සහේලි ගමගේ මාවත හා ආනන්ද කුමාරස්වාමි මාවත අතර ඇති වෙනස කුමක්ද?

ඉතින් එවැනි තත්වයක් තුල ආනන්ද කුමාරස්වාමි නම් වූ ඒ මහා විද්වතාගේ නම එම මාවතෙන් ඉවත් කිරීම ඔහුට කල මහා ගෞරවයක් නොවේද?

 සටහන- තමන්ගේ නම් වලින් පාරවල්, වරායවල් ක්‍රීඩාංගන ආදිය නම් කරවාගෙන එයින් අමරණීය වීමට උත්සාහ කරන්නේ මිය ගිය පසු තමන්ව ඉක්මනින් අමතක කර දමන බව දන්නා  මිනිසුන්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර 12

  1. ```Outsider```

     /  ජනවාරි 21, 2012

    කවුද අනේ මේ ආනන්ද කියන්නෙ.

    පිළිතුරු සැපයීම
  2. tom and jerry

     /  ජනවාරි 21, 2012

    ඕක දෙමළ නමක් නේද?

    පිළිතුරු සැපයීම
  3. යුධ විරුවාගේ නම (දැන් ලියන) මහාවංශයෙන් ද මකා දමලලු!

    පිළිතුරු සැපයීම
  4. දන්නවද ඔහෙල?..ඔය කියන ආනන්ද ගොයියගෙ තාත්ත දෙමලෙක්…ඒ මදිවට අම්ම පර සුද්දියක්, එහෙම එකෙක්ගෙ නමක් කවුද ඔය වාගෙ ප්‍රධාන වීදියකට දැම්මෙ කියල හොයල බලන්න නරකද පාරලිමේංතු කාරක සබාවක්වත් පත් කෙරුවොත්…එක එකාට පයිං ගහගෙන…එතනිං ගිහාම වතුර බෝතල් එහෙම විසික්ක කරල අහවර වෙලා නිකං ඉන්න වෙලාවට රැස් වෙලා මේ මහා දේස දොරෝහි කිරියාව ගැන හොයා බලන්න බැරුවාය….

    පිළිතුරු සැපයීම
  5. පැහැදිලිවම රටකට ආඩම්බරයක් වන මෙවන් දාර්ශනිකයන් ජාතියට අමතකකරවීමට යත්න දැරීම අපරාධයක්.

    http://en.wikipedia.org/wiki/Ananda_Coomaraswamy

    පිළිතුරු සැපයීම
  6. අබරන් සීයා

     /  ජනවාරි 22, 2012

    Ananda who…. ?

    පිළිතුරු සැපයීම
  7. කාට හරි අපහාස කරන්න ඕන වුනාම පාරක් නම් කරනවා. පස්සේ ඒ බෝඩ් එකට කෙළ ගහලා යන්න පුලුවන්.. -සුගත්තය්යා

    පිළිතුරු සැපයීම
  8. මධ්‍යකාලීන සිංහල කලා නමින් විශිෂ්ඨ පොතක් 1908 සම්පාදනය කරමින් වැලේ වැල් නැතිව උන් සිංහලයාට වැල් හොයා දුන්නාට කෙළවපිය මහරජෝ…!

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 32 other followers