දෙරණ ජඩමාධ්‍ය කලාව හා විදුලි සේවක වැ‍ටුප් අරගලය

 

මෙතුවක් කල් ලංකාවේ පෞද්ගලික මාධ්‍ය කොතරම් ආණ්ඩුවට කඩේ ගියත් ඔවුන් තමන් ස්වාධීන යැයිද අපක්ෂපාති යැයිද කීමට මහත් උත්සහයක් ගත්තේය.

උදාහරණයක් ලෙස ශිෂ්‍ය උද්ඝෝෂණයකට හෝ වැඩ වර්ජනයකට හෝ විපක්ෂයෙ යම් කිසි වැඩ සටහනකට හෝ  විරුද්ධව ප්‍රචාරයක් කරන ලෙස ආණ්ඩුව ඔවුන්ට කී විට ඔවුන් කරන්නේ ඒ වෙනුවෙන් ආණ්ඩුවේ දේශපාලකයින් කිහිප දෙනෙක් ගෙන්වා එම සිදු වීමට එරෙහිව ඔවුන්ගේ අදහස්  ලබා ගෙන ප්‍රචාරය කිරීමයි.

එසේ නැතිව කෙලින්ම ඒවාට විරුද්ධව මඩ ගැසීම කලේ අයිටීඑන් නාලිකාව ප්‍රමුඛ රාජ්‍ය මාධ්‍ය පමණි.

කෙසේ වෙතත් දැන් දැන් නැගී එන උද්ඝෝෂණ ‍රැල්ල හමුවේ එය ප්‍රමාණවත් නොවන බව ආණ්ඩුව මෙන්ම ආණ්ඩුවට කඩේ යන දෙරණ බඳු මාධ්‍ය ද තේරුම් ගෙන ඇත.

විෂය භාර ඇමතිවරයා සමග පමණක් නොව බොහෝ දෙනා නොකරන පරිදි ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී පවා අරමුණු පාවා නොදී කෙලින් සිට ගනිමින් තම වැ‍ටුප් අරගලය ඉදිරියට ගෙන යන විදුලි සේවකයින්ට පහර දීමට දෙරණ වැසිකිලි මාධ්‍ය නඩය පෙරට අවුත් ඇත.

ඒ අනුව ඔවුන්ගේ ඊයේ ප්‍රවෘත්ති විකාශයේ එක් අංගයක් වූයේ විදුලි බල මණ්ඩල සේවකයින්ගේ වත්මන් වැ‍ටුප් හා පඩි වැඩි කල විට ඔවුන්ට ලැබෙන වැ‍ටුප්ය. ප්‍රවෘත්තිය ඉදිරිපත් කල නිවේදකයා කී පරිදි මෙය දෙරණ නාලිකාව විසින් සොයා පලකරන තොරතුරකි. මෙම ස්වෙච්චා පුවත් විකාශයෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ මෙතරම් විශාල වැ‍ටුප් ලබන පිරිසක් තවත් වැඩි වැ‍ටුප් ඉල්ලීම අසාධාරණ බව පෙන්වීමටය.මේ සඳහා වැය වන්නේ මහජන මුදල් බව කීමටය.

නමුත් ඔවුන් මෙම ප්‍රවෘත්තියෙන් ඉදිරිපත් කල වැ‍ටුප් පරිමාණ සහමුලින්ම වැරදිය. ඔවුන් එසේ ඉදිරිපත් කලේ එක් එක් තනතුරට අදාල උපරිම වැ‍ටුප මිස මූලික වැ‍ටුප නොවේ. එම වැ‍ටුප ලබන්නේ තනතුරේ උපරිම කාලය ‍රැඳී හුන් අයට පමනි. එපමණක් නොව  එම පුවතින් පෙන්වූ වැ‍ටුප් වලට මූලික වැ‍ටුපට අයත් නොවන දීමනාද ඇතුලත්ය. දෙරණ නඩය පෙන්වූ පරිදි වැ‍ටුප් වැඩි වන විට එම මුලු වැ‍ටුපට අදාලව වැඩි වීමක් සිදු නොවේ.

නමුත් එය දෙරණට ප්‍රශ්නයක් නොවේ. ඔවුන්ට අවශ්‍ය කුමක් හෝ විකාශය කර තම හාම්පුතුන්ගේ සිත් සතු‍ටු කර තව වැඩි පුර වෙලඳ දැන්වීම් කීපයක් සොයා ගැනීමය.

විදුලි සේවකයින්ට වැ‍ටුප් ගෙවීමට යන මිලියන ගනන ගැන බලන දෙරණ ට මිහින් ලංකා වැනි නාස්තිකාර වියදම් පෙනෙන්නේ නැත. රජකුමාරවරුන්ගේ  පොදු රාජ්‍ය  ක්‍රීඩා සිහින සැබෑ කිරීමට වැය කල ඩොලර් මිලියන්  සිය ගනන් ගැන වගේ වගක් නැත. පුහු පම්පෝරිය හැර වෙන කිසිවක් නැති දැයට කිරුල වැනි විගඩම් ගැන කෙල බිඳුවක් හොලවන්නේ නැත.

දෙරණ මාධ්‍ය අප්පුලාගේ බඩ දැවිල්ල හැදෙන්නේ කවුරුන් තම අයිතිවාසිකම් ගැන කථා කල විට පමණි.

එය ජන මාධ්‍ය කලාවක් නොව ජඩ මාධ්‍ය කලාවකි.

 සටහන- එපමණක් නොව වෛද්‍ය කවුන්සිලයට කරන දේශපාලන පත්වීම් වලට එරෙහිව අද ජාතික රෝහලේ වෛද්‍යවරුන් කිරීමට සිටි වැඩ වර්ජනයට එරෙහිව කොහෙදෝ යන නීතිඥයෙක්ද ගෙන්වා  ඊයේම  තර්ජනයක් කරවූයේ ඒ ගැන විෂය භාර ඇමතිවරයා හෝ කිසිවක් කීමට පෙරය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර 8

  1. me jada kama helikaranna witharak newei wirudda wennath one.

    පිළිතුරු සැපයීම
  2. අප්පුවා

     /  ජනවාරි 20, 2012

    අයියෝ මෙයා ඔයත් එහෙමනේ.මේකත් ජඩ මාද්දිය කලාවමනේ.
    දැන් බලන්න හා ඔයා මොකද කරන්නේ? ආණ්ඩුව මොනවා කලත් ඒකේ වැරදි පැත්තමනේ අල්ලන්නේ. ඉතිං අනී ඒ වගේ ඒවටත් වෙන කියන්න දෙයක් නැහැ නේද?

    පිළිතුරු සැපයීම
    • ඉස්සා, නළලේ අශුචි තියාගෙන
      “මං සුදනා” කියනවනේ….!

      මේ ඇට මැස්සන්ගෙන් එන දුගඳ
      ඊ-මේල්, මම spam වලදී තමයි
      ඉඳ-හිට කියවන්නේ….!!

      පිළිතුරු සැපයීම
  3. අප්පුවා මහත්තයා පොලිටිකල් බ්ලොග් වල comments දාන්න කලින් ආණ්ඩුව, රාජයය, ජනතාව අතර සම්බන්දය ගැන ටිකක් හරි කියවල බෙලුවොත් හොදය නේද? එතකොට ඇටමැස්ස කරන දේ තේරෙයි!!

    පිළිතුරු සැපයීම
  4. දෙරණ මේ ප්‍රවෘත්තිය විකාශය කලේ ආණ්ඩුවට කඩේ යන්න බව ඇත්ත. ඒත් ඒ කියන කතාව ඇත්තක්ද නැද්ද කියල හොයල බැලුවොත් නරකද?

    විදිලි බල මණ්ඩලය කියන්නෙ අද රටේ ජාතික ආදායම කාබාසීනියා කරන සුදු අලියෙක්…..මොකක්ද මෙහෙම වෙන්න හේතුව?…..සරලම උත්තරය තමයි දේශපාලකයන්ගෙ දූෂණ සහ වංචා කියන එක.

    අද තමන්ගෙ පඩි වැඩි කරගන්න,( ඒත් ලේසි පාසු ගානක් එහෙම නෙවෙයි 45% ක් ) එකමුතු වෙනව වගේම ඒ වංචා දූෂණ වලට එරෙහි වෙන්න කොන්ද පණ තිබුණෙ නැද්ද කියලත් එයාලව නඩත්තු කරන අපිට අහන්න අයිතියක් තියෙනව නේද?….මොකද ඔය වැටුප් වැඩිවීම දුන්නොත් ගෙවන්නෙ ඇමති ගෙදරින් ගෙනල්ල නෙවෙයි….අනිවාර්යයෙන් විදුලි බිල වැඩි කරනව ආණ්ඩුව….ඒ බරත් කඩා වැටෙන්නෙ මේ අපේ කර පිට.

    එතකොට මේ අකාර්යක්ෂම තාවයට දිරිගැන්වීමක් විදිහට තව වැටුප් වැඩිවීමකුත් දිය යුතුද?….

    විදුලි බල මණ්ඩල සේවකයො කියන්නෙ රාජ්‍ය සේවයේ ඉහලම වැටුප් ලබන අය. ඒක බොරුවක් නෙවෙයිනෙ. එතකොට අනික් රජයේ සේවකයන්ට නැති ඔවුන්ට විතරක් බලපාන සුවිශේෂී තත්ව මොනවද මේ වගෙ අධික පඩි වැඩි වීමක් ඉල්ලන්න ?

    පිළිතුරු සැපයීම
    • ඉන්දුජිත්

       /  ජනවාරි 29, 2012

      මම කියන්න හිටපු එක මට කලින් කිවුවාට Ravi ට ස්තුතියි. අනෙකුත් රාජ්‍ය සේවකයින් වෙනුවෙන්…
      මේ වගේ මස් රාත්තල ඉල්ලන වෘත්තීය සමිති නිසා තමයි රාජ්‍ය සේවයේ සැබෑ ගැටලුවකට එලියට බහින වෘත්තිකයින්ටත් මේ රටේ ඉන්න පත්තරයක් වත් නොකියවා වොයිස්කට් දෙන මෝල්ලුන්ගෙන් බලු බැනුම් අහගන්න වෙන්නේ

      පිළිතුරු සැපයීම
      • විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ සේවකයින්ගේ අකාර්යක්ෂමතාව නිසා නොව එය පාලනය කරන දේශපාලකයින්ගේ අමන තීන්දු හා කොමිස මගඩි නිසාය.

        පිළිතුරු සැපයීම
        • Indrajith

           /  ජනවාරි 29, 2012

          ඒ‍කම තමයි ඉතින් Ravi කියන්න හදන්ාන්ත්. වැරැද්ද තමයි,‍ෙද්ශපාලන අධිකාරියට මෙයාලගෙන් කරදරයක් ‍‍‍ෙවන්‍ෙන් පඩි උවමනා වුනාම විතරයි. ‍රෝහල්, අධ්‍යාපන, පරිසර වගේ අංශ වලට වඩා මෙයාලගෙ ති‍‍‍යන එක වෙනසක් තමයි ඒත.

          පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 32 other followers