දඩාවතේ යන බල්ලන් මිලියන තුනක් පමණ මේ වන විට ලංකාවේ ඇතැයි ගණන් බලා තිබේ. ශ්‍රී ලංකාව තුල දිනකට බල්ලන් සපා කෑම් 2000 ක් පමණ වාර්තා වන බවත් ඔවුනට ප්‍රතිකාර කිරීම සඳහා අධික වියදමක් දැරීමට සිදු වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.
මේ ගැන කථා කල සෞඛ්‍ය අමාත්‍යවරයා පසු ගියදා ප්‍රකාශ කළේ වසරකට කෝටි සියයක් පමණ වියදම් කරමින් බල්ලන් වන්ධ්‍යාකරණ වැඩ පිලිවෙලක් ගෙන ගියත් එය අසාර්ථක වී ඇති බවත් බලු ගහණය අඩු වී නොමැති බවත්ය.
මෙම වන්ධ්‍යාකරණ වැඩ පිලිවෙල පෞද්ගලික අංශයේ හා රාජ්‍ය නොවන සංවිධාන වල සහය ඇතිව කර ගෙන ගිය අතර පසු ගිය කාලයේ බලු ගහණයේ වැඩි වීම දෙස බලන විට එය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බව පැහැදිලිය.
ඒ අනුව මෙම ප්‍රශ්නයට ඇති විසඳුම ලෙස බල්ලන් ඝාතනය කළ යුතු යැයි කතා බහක් මතු විය.
ඒ සමග මහ හඬක් නගමින් එලියට පැන්නේ සත්ව අවිහිංසාවාදි සංවිධාන කීපයකි. අන්තර් ජාලයේ ෆේස් බුක් පිටුවලත්, බ්ලොග්වලත් , තව නොයෙක් වෙබ් අඩවි වලත් මොව්හු තම සටන ගෙන යමින් බල්ලන් මැරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් කල යුත්තේ වන්ධ්‍යාකරණය බවත් ඔවුන් අපිට කියමින් සිටිති. එසේම මෙම ප්‍රශ්නය මතු කල සෞඛ්‍ය අමාත්‍යාංශ නිලදාරින්ගේ මවුවරුන් පවා මතක් කරමින් බැණ වදිති. සත්ව කරුණාව එතරම්ය.
මොවුන්ගේ සිත් තුල මිනිසුන් කෙරෙහිවත් නැති කරුණාවක් බල්ලන් ගැන පහල වූයේ මන්දැයි සෙවීම ඇත්තෙන්ම අපූරු කාරණාවක් බව ඇට මැස්සාට හිතුනේය. දඩාවතේ යන බල්ලන් අල්ලා ඔවුන්ව සැත්කමකට ලක් කර තුවාල හොඳ වෙන්නටත් කලින් මුදා හැර දසදුක් විඳින්නට හරිනවාට වඩා ඔවින් කෙලින්ම මරා දැමීම හොඳ බව ඇට මැස්සාගේ පෞද්ගලික මතයයි.
ඇටමැස්සා මුලින්ම සිතුවේ බල්ලන් ඝාතනය කල හොත් වන්ධ්‍යාකරණ වැඩ පිලිවෙලින් අතට ලැබෙන තුට්‍ටු දෙක නැතිවෙතැයි යන බිය නිසා මොවුන්ගේ සිත් තුල සත්ව කරුණාව පහල වෙන්නට ඇති බවයි. එහෙත් කාරණා සිදුවන්නේ එම පරිමාණයෙන් නොවන බව වැටහුණේ මෙම ඊනියා සත්ව අවිහිංසාවාදි එන්ජීඕ වලට ආධාර ලබා දෙන්නේ ග්ලැක්සො ස්මිත් ක්ලයින් වැනි බහුජාතික ඖෂධ සමාගම් බව හෙලි වූ විටය.
බල්ලෙක් සපා කෑ පුද්ගලයෙකුට විදින එන්නතේ වටිනාකම රුපියල් 5000 ක් පමණ වන අතර එක් අයෙකුට එන්නත් හයක් විදිය යුතුය. එවිට එක් අයෙක් වෙනුවෙන් මුලු වියදම රුපියල් 30,000කි. දිනකට 2000ක් දෙනා බල්ලන සපා කන්නේ නම් GSK ලාගේ ආදායම කොපමණ දැයි ඔබට ම සිතා ගත හැකිය. බල්ලන්ට මැරෙන්නට හැර ඒ විශාල ආදායම නැති කර ගන්නට ඔවුන් කැමති නැත. රටේ මිනිසුන් සිය ගනනින් බල්ලන් සපා මිය යෑම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.
බල්ලන් ඝාතනයට විරුද්ධව හඬ නැගීම සඳහා කසි කබල් NGO කීපයකට මෙම සමාගම් අත දිග හැර වියදම් කරන්නේ ඒ නිසාය.





kathandarakaraya
/ ජනවාරි 16, 2012විද්වත් කමිටුවක් පත්කරන්නකෝ මෙයාලා.
kathandarakaraya
/ ජනවාරි 16, 2012Read this -
http://kathandara.blogspot.com/2011/12/tie-up-this-mad-dog.html
tom and jerry
/ ජනවාරි 16, 2012කථාව ඇත්ත. තව දෙයක් එකතු කරන්න කැමතියි.
මහපාරේ ලගින මේ බල්ලන්ට අට අනූවක් ලෙඩ ඇත. උන්ගෙන් 95%ක් ම කිනිතුල්ලන් මගින් බෝවන උන රෝග වලින් පෙලේ. ඔබ ගමන් කරන රථයට ඉඩදීමට නැගිටින්නේ නැතිව පාර මැද වැතිරී සිටින බල්ලන් බොහොමයක් එසේ සිටින්නේ උන හෝ වෙනත් රෝග නිසාය. මේ ලෙඩ නිසා මුන්ගේ ඇත්තම ආයු කාලය වසර දෙකකට වඩා දික් වන්නේ එහෙමත් එකෙකුගේ ය. ඒ දෙවසරක කෙටි ජීවිත කාලය තුල අඩු වශයෙන් දෙවරක් වත් පැටව් ගැසීමට බැල්ලියන්ට පුලුවන් වේ. නිරෝගී බල්ලෙකුගේ ආයුකාලය වසර දහයත් දාහතරත් අතර ය.
මේ බල්ලන් වෙනුවෙන් කලහැකි හොඳම දේ උන්ගේ දුක්බර ජීවිතය හැකි ඉක්මණින් අවසන් කර දීමයි.
Kamal Jayanath
/ ජනවාරි 17, 2012EMA DUKBARA JEEWITHAYA AWASAN KIREEMATA EMA SATHUN PUNARUTHTHAPANAYA KARAMU..
tom and jerry
/ ජනවාරි 18, 2012පුනරුත්ථාපනය නොව පුනරුප්පත්තිය ලබා දෙමු. බල්ලන් ලක්ෂ 30කට දෙන්න පහසුම විසඳුම එයයි.
Kamal Jayanath
/ ජනවාරි 18, 2012OBAGE ADAHASA ANUWA SATHUN LAKSHA 30K GATHANAYA KIREEMATA OBA YOJANA KARAI..PUNARUPPATHTHIYA GANA KATHA KARANA OBA BAUDDAYEK NAM KESEDA PALAMU SIL PADAYA BINDINNE? OBATA JEEWITHAYE YAM DINEKA MARANA BAYA ATHI WANU ATHA..EDINATA OBA GATHANAYA KIREEMATA YOJITHA SATHUNGE HANGEEMADA OBATA DANENU ATHA!!! BALLAN LAKSHA 30 PAMANAK NOWA MINISUN BILIYANA GANANAKDA JEEWITHAYE VIDINNE SAPAK NOVA DUKAKI!! ESE NAM DUK VINDINNA MINISUNDA GATHANAYA KIREEMEN OWNDA DUKEN NIDAHAS KALA HAKA!! OBAGE ADAHASA MINISUNTA AADESHA KALA VITA ENNE EWANI ADAHASAKI !!
tom and jerry
/ ජනවාරි 18, 2012මරණ භය කියල දෙයක් තියෙනවද නැද්ද කියන එක ඔබ දන්නේ කොහොමද? කාලාම සූත්‍රය අනුව විමසා බලන්න. මේ ප්‍රශ්නය පව්/පින් වගේ අද්බූත දේවල් එක්ක පටලවා ගන්න එපා.
ජීවිතේ එපා වුවත් සියදිවි නසා ගන්නට සත්තුන්ට බැරිය. ඒ නිසා හිසට වෙඩි තබා හෝ සයනයිඩ් එන්නත් කර ඉක්මන් මරණයක් ලබා දීම මහා පුන්‍ය කර්මයක් නේද?
Kamal Jayanath
/ ජනවාරි 18, 2012MARANA BHAYA PILIBANDAWA SAHA PIN PAW GANA OBA NODANNA EKA GANA MATA PUDUMAYAK NATHA..KALAMA SUTHRAYATA PRATHAMA..PANATHIPATHA YANA SIL PADHAYA VIMASA BALANNA! SATHWA GATHANAYA, EYATA ANUBALA DEEMA, GATHANAYA SALASUM KIREEMA YANA SIYALLAMA PANATHIPATHA YANA SIL PADHYATA AYATH WAY. OBA “ANATHA PINDIKA SUTHRAYA” KIYAWANNA.EHI MARANA BAYA SAHA MARANA WEDANAWA PILIBANDAWA HONDIN SATAHANWA ATHA.. OBA KARANA KIYANA DAY OBA PASU PASA PAMINENU ATHA..MATA OBA GANA ATHTHE ANUKAMPAWAK PAMANI!! OBATA JEEWITHAYA EPA WOO VITA OBA SIYA DIVI HANI KARA GANNA AYEKDA?
Kamal Jayanath
/ ජනවාරි 18, 2012PAW PIN YANU ATBOOTHA DEWALDA? ESE NAM OBA KISIDU AGAMAKATA NATHI JEEWIYEKI!! AAGAMAK NATHI MINISA KALA SATHEKUTA SAMANA WAY!!
Sudheera
/ ජනවාරි 16, 2012බල්ලන් සමූල ඝාතනය කිරීම කොහෙත්ම විසඳුමක් නොවේ.. NGO හෝ GSK හෝ වේවා, අරමුණ කුමක් උවත් එක අතකින් හොඳක් සිදුවේ. එක අතකට කැලෑ ගහණය වැඩි කරන්න පයිනස් ගස් වවන රටකට නම් ඒක එච්චර අවුලක් නොවේය. තීරණයක් ගන්නකොට වැවිම උනොත් හිතන්නේ ඉදිරි අවුද්ද හෝ දෙක ගැනය. ඊලඟ මැතිවරණය මනාප ටිකක්ය. කැලෑ ගහණය කෙසේ වෙතත් දැන් නම් ඒ පැතිවල මෙලෝ ගහක් මේ සම්මජ්ජාතියේ නම් වවනවා බොරුය. බල්ලන් ගැනත් කතාව ඕකමය. බල්ලන් ඝාතනය කොට ඔය ප්‍රශ්නය විසඳීම නිකං ලංකාවේ මදුරුවො ඔක්කොම මරාදමා ඩෙංගු හොඳ කරනවා වැනිය. පරිසරය තුලනය වී ඇත්තේ මැක්කාගේ සිට හස්ති රාජයා දක්වා විවිධාකාර වූ සත්ව කොට්ටාසවල එකතුවකිනි. ඔයින් එකක් අයින් කරලා දාන්නට ලේසි නැත. අමාරුවෙන් හරි කලත් ඒ හිඩැස පිරවීමට ඊලඟට පරිසරයට එකතු වෙන එකා ගැන අපට කිසිම වැටහීමක් නැත. සමහරවිට හිටිය එකා වඩා හොඳ වීමට හැක. එනිසා කල යුත්තේ ඉස්සර කරපු මෝඩකම් පැත්තක දමා.. අඩුම ගනනේ ඉදිරි දශක දෙක තුන දිහාවත් සලකා තීරණයක් ගැනීමය. අමාත්‍යංශ පිටින් බඩලොකු මහත්තේලා කොරන්න ඕනේ මේවාය, නැතුව අනුන්ගේ කුණු හෝද හෝද ඉන්න එක නොවේය…!
Kamal Jayanath
/ ජනවාරි 17, 2012GREAT!!
Kamal Jayanath
/ ජනවාරි 17, 2012GIYA AATHME SATHTHU MARANNA ANUBALA DEEPU NISA MAY AATME ATA MASSEK WELA IPDUNA OBA MAY AATHMETH SATHTHU MARANNA ANUBALA DEEMEN LABANA AATHME IPADENNE BALU MAKKEK WELA..ETHAKOTA BALLATH EKKAMA OBATATH MARENNA WEI!!
අපූර්ව
/ ජනවාරි 17, 2012ඒ කියන්නේ ඇට මැස්සා මේ ආත්මේ බල්ලො මරන්න අනුබල නොදී සිටීමෙන් ලබන ආත්මෙ හොඳ පින් ඇති සත්වයෙක්ව උපදිනවා කියලද? ඒත් එහෙම බැලුවොත් ඉතින් බල්ලන්ව වන්ධ්‍යාකරණය කරන්න අනුබල දීමෙන් ඊලඟ ආත්මෙ වඳ සතෙක් වෙයිනෙ…. මාර අවුල.
Kamal Jayanath
/ ජනවාරි 18, 2012VYANDIKARANAYA KIREEMA SAHA SATHWA GATHANAYA DEKAK A NISA ESE WANNE NATHA!! VYANDI KARANAYA KIREEMA YAIDYA VIDYAWA HARAHA SIDUWNA DEYAK..GATHANAYA ESE NOWANA BAWA AMUTHUWEN KIWA YUTHU NATHA.
Kamal Jayanath
/ ජනවාරි 18, 2012SATHTHU MARANNA ANUBAL DEEMEN ANIWARAYAYENMA PAW KARA AATHMEKA IPADENAWAMAI. PANCIL RAKINAWANAM ATA MASSATA HONDA AATHMAYAK LABEI..
Kamal Jayanath
/ ජනවාරි 17, 2012MINISUN WASHAYEN IPADUNA APTA THAWATH SATHEKGE AYU KALAYA APA PAWATHMA UDESA WENAS KALA NOHAKA. ESE KARANNA SAHA ANUBALA DENA PUDGALAYA SABAWINMA MINSKAMATA NIGA DENNAEKI,,, PARISARAYE PAWATHMATA SAMA SATHEKMA SAHA GAHA KOLA NIRMANAYA WEE ATHA… EYA WENAS KIREEMATA APATA AYTHIYAK NATHA..MINISA YANAU THAWATH SATHWAYEK PAMANAI..BALLA AHINSAKA SATHEK NISA KISI WITEKATH OHU MINISUN MARA NODAMANAWA ATHA..ARAKKU SAHA VENATH APACHRA WALIN MAHAJANA SAUKYA PIRIHEEMA BALLANGEN WANA HANIYATA WADA WADI NOVEDA?
gadfly
/ ජනවාරි 17, 2012රටේ දරුවන්ගෙන් 25% මන්දපෝෂණයෙන් පෙලෙයි. උන් ගැන නැති අනුකම්පාවක් බල්ලන්ට ඇයි.?
Kamal Jayanath
/ ජනවාරි 18, 2012DARUWANGE MANDA POSHANAYA NATHI KIREEMATA BALLAN MAREEMATA ANUBALA DENA AYA KISIWAKMA KARA NATHA!! HADWATHE SATHEK GANA ANUKAMPAWAK ATHI WANNE MINISUN KEREHIDA ASEEMITHA KARUNAWAK ATHI AYATA PAMANI.. SATHEK GANA ANUKAMAPAWAK NATHI AYEKUTA KISIMA VITEKA MINISEK PILIBANDA ANUKAMAPAWAK ATHI WANNE NATHA!! BALLAN MAREEMA SAHA DARUWANGE MANDAPOSHANAYA ATHRA SAMBANDAYAKDA NATHA!! OBA NODANNAWATA MADA HAKI PAMANA MINISUNGE KUSA GINI NIWEEMATA KATAYUTHU KARA ATHA…MAMA MASAKATA DEWRAK YACHAKAYAN NOWANA DUPPATH MINISUNTA AAHRA PARCEL LABA DEMI..EMENMA SATHUNTA AAHARA DEMI!! SATHUN MAREEMATA ANUBALA DENA OBA EWANI DEYAKWATH KARA ADDA? OBATH MATH KEDINAKA HO MIYA YANU ATHA!! OBA MIYENA AWASANA MOHOTHE OBA KALA KEE DAY MATHAKAYATA NAGENU ATHA!! LOWA KISIDU AAGAMAKIN KISIDU SATHWAYEKUTA HINSA KIREEMATA UGANWA NATHA!! MA METHRAM DAY MEHI SANDAHAN KARE!! OBA GANA DWESHAYEN HO THRAHEN NOWA ANUKAMPAWENI!! MAMA OBATADA ANUKAMPA KARAMI!! OBA KITHUNUWEK NAM OBAGE DAHAME HASIRENNA!! OBA BODUNUWEK NAM PANCIL RAKINNA, BAWN WADANNA..DAN DENNA.. OBATH MATH DANNA VIDYAWATA WADA BUDU DAHAMA BOHO IDIRIYEN ATHA.. ANEKUTH AAGAMDA ESE ATHI BAWA SITHAMI!! OBATA PRAGNAWA LABEWA YAI PATHAMI!!
;-(
/ ජනවාරි 18, 2012ඇට මැස්සෝ පරෙස්සමෙන්
මෙහෙම කතා කියන්න එපා මින් පස්සේ ඔන්න…
හප්පා සමහර මහත්තුරුන්ට මිනිස්සුන්ට වඩා බල්ලෝ වටිනවා ..
Kamal Jayanath
/ ජනවාරි 18, 2012NIRNAMIKA OBATA WARDEE ATHA!! MA SANDAHAN KARA ATHTHE MINISUNTA WADA BALLAN WATINAWA NOWA.. LOWA PAHALA WEE ATHI OBA ATHULU SIYALU SATHUN WATINAWA KIYAYA..OBA MAGE SANDAHANA NAWATHA WARAK VIMASILLEN KIYAWANNA..SATHWA GATHANAYATA EREHI WANA AYATA VIRUDDA WANA OBA MINISUN VENUWEN KARA ATHI DAY GANA OBE HADAWATHEN VIMASA BALANNA!! PANCIL RAKINNA!! MINISA ATHULU KISIDU SATHEKUTA HINSA NOKARANNA!! KISIDU SATHEKUTA HINSA KIREEMATA ANUBALA DEEMENDA WALAKINNA!! MEYA ATA MASSATA HO NIRNAMIKA OBATA HO RIDAWEEMATA NOWA HARI MAGA SOYA GANEEMATAI !!
ඉන්දුජිත්
/ ජනවාරි 19, 2012කමල් ජයනාත් මහත්තයා කවදාවත් දැකලා තිෙයනවද පාරවල් වල ඉන්න බල්ලන් පැනලා අතපය කඩාගන දුක්විදින මිනිෙහකුව ? ඉස්පිරිතාලවල වැඩ කරන අපි දන්නවා මිනිස්සු බල්ලන් නිසා විදින කරදර. කරුණාකර ඉස්පිරිතාලයකට ෙගාස් විකලාංග වාට්ටුවකට පිවිසී බලන්න. ඉන්පසු කතාකරමු.
Kamal
/ ජනවාරි 19, 2012INDRAJITH MAHATHTHAYO WADIYENMA ROHAL WALATA ENNE BALLO KALA THUWALA UNA MINISSUDA NATHI NAM BEELA HAPPILA ATHA PAYA KADA GATHTHA AYADA, THAWA PUDGALIKA AARAWUL NISA THUWALA KARA GATHTHA AYATH ENAWA NEDA? MAMATH PAHU GIYA KALE ROHAL WALA HITIYA. OBA THUMA NODANNAWATA MAMA ROGINTATH UPASATHANA KARANAWA. SATHUNTA AADRAYA DAKWANA SABA MINISUNTA KISI DINEKAWATH SATHEKGEN HANIYAK WANNE NA. …………..MAMA MIN IDIRIYATA MAY PILIBANDAWA KISIDU DEYAK PALA KIREEMATA SOODANAM NA..OBA ASA BALLO MARANNA NAM MA KUMAK KEEWADA PALAK NATHA..MATA AWASHYA OBA SAMA DAHAMEHI HASIRENA HADAWATHE AADARAYA ANUKAMPAWA ATHI AYA KIREEMA PAMANI. BALLAN MAREEMA OBAGE RAJAKAEIYA SAY HANGENAWANAM EYA KARANNA .MATA VIRUDDAWA ADAHAS PALAKALA OBATA STHTHI..AWASANA WASHAYEN MA OBATA KIYANNE PANCIL RAKINA DAHAMEHI HASIRENA AYA WANNA..OBATA ADALA NATHI ANWASHYA DAY NISA PAW KARA GANNA EPA!! MA KIYANA DAY NOWATAHENA OBA SAMA GANA MATA ATHHE ANUKAMPAWAKI !! OBAGE MIYA GIYA PIYA HO MAWADA MAY AATHMAYE SATHEK WEE IPADEE SITINNATA BARI NATHA!! A IRANAMAMA OBATADA ATH VIYA HAKA!!!
Ravana
/ ජනවාරි 19, 2012Dogs are unconscious automatons. Consciousness has not evolved in dogs.