තටිල් කට අරියි- ඇමතිලාට හා කොමාලාට හැංගෙන්නට බිත්තර ක‍ටු හොයා දියව්!

2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විකෘති කර නිකුත් කිරීම නිසා ඇති වී ඇති ව්‍යාකූලත්වයට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් 11 දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී උසස් පෙළ විභාගය සඳහා භාවිතා කරන ඉසෙඩ් ස්කෝර් ක්‍රමයේ නිර්මාතෘ වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රැපල් .ඕ. තටිල් මෙවර විභාගයේදී භාවිතා කල ඉසැඩ් ලකුණු ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි යැයි ප්‍රකාශ කළේය.

ඉසෙඩ් ස්කෝර් ක්‍රමය අළුත් ක්‍රමයක් නෙමෙයි. මෙය දශක ගණනාවක සිට භාවිතා කරනවා. නොයෙක් විචල්‍යයන් එකම තලයකට ගෙන ඒමට මෙම ක්‍රමය අවුරුදු ගණනාවක සිට භාවිතා කළා. ජාතික විභාග සඳහා මම මේක භාවිතා කළා . ඉසෙඩ් ස්කෝර් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ජනතාව හිතනවා. ඉසෙඩ් ස්කෝර් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක විශ්වීය මැනුම් ක්‍රමයක්. සැබෑ ප්‍රශ්නය තියෙන්නෙ මධ්‍යනය සහ සම්මත අපගමනය වෙනස් ශිෂ්‍ය ප්‍රජාවන් දෙකක් (නව සහ පැරණි නිර්දේශ) සඳහා එකවර භාවිතා කිරීමයි. ඒක ගැන කවුරුවත් අවධානය යොමු කරලා නැහැ. මම අහලා තියෙනවා ඔක්කොම ප්‍රශ්න විසඳුව කියලා. නමුත් ප්‍රධාන ප්‍රශ්නය තවම විසඳලා නැහැ. මේ ක්‍රමය භාවිතා කිරීමෙන් ලකුණු අඩු එක්කෙනාට තවත් අඩු වෙනවා. ලකුණු වැඩි එක්කෙනාට තවත් වැඩි වෙනවා. ඒකෙන් ළමයින්ට අසාධාරණයක් වෙනවා.මම කියන්නෙ අළුත් විෂය නිර්දේශයට සහ පැරණි විෂය නිර්දේශයට වෙන වෙනම ඉසෙඩ් ස්කෝර් පාවිච්චි කරන්න කියලයි. එතකොට ප්‍රශ්නය විසඳෙනවා. කණ්ඩායම් දෙකක් සිටිද්දි ඒක එකට සම්බන්ධ කරන්න බැහැ.”

මේ පිළිබඳව අදාල බලධාරීන් මහාචාර්යවරයාගෙන් විමසුවාද යනුවෙන් නැගුනු ප්‍රශ්නයට පිළිතුරු දුන් මහාචාර්ය තටිල් ප්‍රකාශ කර සිටියේ කිසිදු දවසක විමසුවේ නැති බවත්, අද මෙම හෙලිදරව්වෙන් පසු ඉදිරියටත් එවැනි විමසුමක් නොකරනු ඇති බවත්ය. එමෙන්ම තවත් ප්‍රශ්නයක් වූයේ දෙමව්පියන් හෝ දරුවන් යම් හෙයකින් මෙම අසාධාරණය සම්බන්ධයෙන් අධිකරණයට ගියොත් ඒ සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂියක් ලබා දීමට මහාචාර්යවරයා ඉදිරිපත්වනවාද යන්නයි. තමන් විශේෂඥ සාක්ෂිකරුවෙක් ලෙස අධිකරණයට ඉදිරිපත් වෙමින් දරුවන්ගේ ප්‍රශ්න විසඳීමට මැදිහත් වන බව එහිදී තටිල් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

වරද ඇත්තේ දිස්ත්‍රික් ලකුණු සැකසීමේදී පමණක් බවට බෙරිහන් දුන් ඇමති රොත්ත, නිලධාරි හැත්ත සහ ඒ ගැන සොයා වරදකරු පරිගණක දත්ත කවන්නෙකැයි සොයාගත් වන්දිබට්ට විශේෂඥ කමි‍ටුවත් දැන් කියන්නේ කුමක් දැයි අපි බලා සිටිමු. 

මෙහිදී කතා කල කොලඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතාද විභාග කොමසාරිස් ඇතුලු හොර නඩයට බැට දුන්නේය.මේ ඔහුගේ අදහස්ය.

“දැන් මේ උද්ගත වෙලා තියෙන උසස් පෙළ ප්‍රතිඵල පිළිබඳ ප්‍රශ්නය මොන විදිහකින් වත් නිරාකරණය නොකරන බව මම හොඳාකාරව දන්නවා. විභාග කොමසාරිස්තුමා මේ වතාවෙ විතරක් නෙමයි වසර ගණනාවක් තිස්සෙ තමන්ට අභිමත පරිදි අත්තනෝමතික ලෙස විභාග දෙපාර්තමේන්තුවේ තිබුණ සම්ප්‍රදායන් සාපරාධී ලෙස උල්ලංඝනය කළා. එතුමා මෙම තනතුරේ රැඳී සිටීම සඳහා දේශපාලනික ශක්තිය ලබා ගැනීමට කළ කටයුතු නිසා එතුමාව ආරක්ෂා කිරීමට දේශපාලන බලවේග සැදී පැහැදී සිටියා. මේක විභාග සම්බන්ධයෙන් සිදු වුණ පළවෙනි අවුල නෙමෙයි. අවුල් ගණනාවක් සිද්ධ වුණා.

විභාග පැවැත්වීමේ පරිපාලන රටාව උල්ලංඝනය කළා. රටේ වැදගත් විභාග වල ප්‍රශ්න පත්‍ර සකස් කිරීම,උත්තර පත්‍ර ලකුණු කිරීම එතුමා එතුමාගේ පවුලෙ අය විසින්, හිතමිත්‍රයන් විසින් කාලාන්තරයක් තිස්සෙ කරන්න පටන් ගත්තා.එතුමාගේ මෙම කටයුතු සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන ඇමතිවරයාවත්, වර්තමාන අධ්‍යාපන ඇමතිවරයාවත් නිසි තීන්දුවක් ගත්තෙ නැහැ. මේ වගේ වාතාවරණයක් තුළ අපේ රටේ දරුවන්ට සාධාරණ තීරණයක් ලබා දෙන්න රජය මැදිහත් වෙයි කියලා මම නම් කොයි මොහෝතේ වත් සිතන්නෙ නැහැ. පාර්ලිමේන්තුව අමතලා බන්දුල ගුණවර්ධන මහතා පවත්වන දේශනයේදී විභාග කොමසාරිස්තුමා කිසි වරදක් කරලා නැහැ කියලා පැහැදිලිව කියනවා. කිසිම පරීක්ෂණයක් කරන්නෙ නැතුව තමයි එතුමා එම ප්‍රකාශය කරන්නෙ.

මම ඉතාම පැහැදිලිව දැනගත් දේ තමයි පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, ප්‍රමිත කිරීම සහ ඒවාට උපදෙස් දීම සම්පූර්ණයෙන්ම වැරදි ලෙස එතුමා සිදු කළා. අපි තමයි ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල සති දෙකෙන් දුන්නෙ කියලා ඇමතිවරයා බොහොම උද්දාමයෙන් කියනවා. දරුවන්ගෙ ප්‍රතිපල නිකුත් කිරීම දේශපාලනික සාධකයක් කරගන්නෙ ඇයි? අධිවේගී ලෙස ප්‍රතිපල ඉදිරිපත් කරන ක්‍රියාවලියකට අවතීරණය වෙලා ඒක දේශපාලනික කටයුත්තක් කරගන්න එක ඉතාම අමනෝඥ්ඥ කටයුත්තක්. මේ සීඝ්‍රගාමී ප්‍රතිපල නිකුක් කිරීම සිදු කළේ මේ කොමසාරිස්වරයාට තවදුරටත් තනතුරේ රැඳී සිටින්නටයි. ඔහුට අභිමත ආකාරයට යම් යම් ප්‍රතිපල සකස් කිරීමටයි. දේශපාලඥයන් සතුටු කිරීමටයි. මොහු කරලා තියෙන දේවල් ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කරන්න බැරි තරම් සාපරාධී බවයි නිල නොවන විදියට ආරංචි වෙන්නෙ.”

 කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ සම්බන්ධයෙන් සිය අදහස් මෙලෙස පල කළේය.

“අධ්‍යාපන ඇමතිතුමාට වහාම ඉල්ලා අස්වෙන්න කියලා කියපුවහම, එතුමා අහනවා ‛මම ඉල්ලා අස්වෙන්න ඕනෙ මගේ සම්පූර්ණ වැටුප අපි වෙනුවෙන් අපි අරමුදලට සම්පූර්ණයෙන්ම දෙන නිසාද?, එහෙම නැත්නම් මම පිටරට ගියාම ඉතුරු සල්ලි ආපහු දෙන නිසාද?, එහෙම නැත්නම් මම නිල නිවාසයක් පාවිච්චි නොකරන නිසාද?’ කියලා. නමුත් මම කියන්නෙ මේ එකක්වත් නිසා නෙමෙයි, තමන්ගෙ රස්සාව හරියට නොකරන නිසා ඔහු ඉල්ලා අස්විය යුතුයි කියලයි. ඒ මහත්තයාව යවලා තියෙන්නෙ අපි වෙනුවෙන් අපි අරමුදලට අරමුදල් රැස් කරන්න නෙමෙයිනෙ.”

 (උපුටා ගැනීම  විකල්ප වෙබ් අඩවියෙනි. මහාචාර්ය තටිල්ගේ මෙම ප්‍රකාශයට උපරිම ප්‍රචාරයක් දෙනු වස් මෙසේ උපුටා  පල කෙරිණි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර 8

  1. pension giya comis sena beraganta dan kawuruth naha wage,

    පිළිතුරු සැපයීම
  2. All try to put the blame on pensioner, when the presidential committee also finds fault with that method used for Z score calculation, retired commissioner is in serious trouble.

    පිළිතුරු සැපයීම
  3. ගෙම්බා

     /  ජනවාරි 16, 2012

    තටිල් ගේ තටු ගැලවී ඇත. කෘෂිකර්ම පස්චාත් උපාධි ආයතනයේ සිදු කලැ වංචා නිසා එහි පීඨාධිපති තනතුර අහිමි වූ සිත් වේදනාවෙන් වි.වි. ප්‍රතිපාදන කොමිසම හා තරහ වූ තටිල් ඊලඟට තමුන්ම හැදූ සූත්‍රය වැරදි බවට උසාවියේ තර්ක ඉදිරිපත් කලේය. නමුත් වැරදි සූත්‍රය දමාගෙන 2001 දී සල්ලි ගනිද්දී නම් මෙ අකිසිවක් තටිල්ට මතක් වූයේ නැත. කොටින්ම තටිල්ට අනුව තටිල් වි.වි.ප්‍ර.කො. ට වංචා කර ඇත. එවන් වංචා කරුවකු සිටිය යුත්තේ සිර ගෙදරය.

    පත්තර කෑලි වල පොර වෙන තටිල් විද්වත් මණ්ඩලයක් හමුවේ සාකච්ඡාවකට නො එන්නේ මන්ද යන පැනය අපිට ඇති වේ. නලීන් සිල්වා මෙන්ම විදුසරෙන් ආතල් සපයන තටිල් ප්‍රසිද්ධ සංවාදයට බිය බව අපට හැඟෙයි.

    තටිල් කියනා පරිදි මෙවර “විභාගයේදී භාවිතා කල ඉසැඩ් ලකුණු ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි” බව කීම ඔහුගේ මහාචාර්ය කමටද නොගැලපෙන විහිළුවකි. ඉසෙඩ් ලකුනු පිළියෙළ කිරීමට ඇත්තේ එකම සූත්‍රයක් පමණකි. අළුත් සූත්‍ර අවුරුද්දෙන් අවුරුද්දට පිළියෙල වන්නේ නැත. එසේම වරක් වැරදි සූත්‍රයක් සෑදූ තටිල්ට අළුත් සූත්‍ර වල නිවැරදිතාවය ගැන කරුණු දැක්වීමට ඇති අයිතියත් අපි ප්‍රශ්න කර සිටිමු. එසේම සිය ලිපියෙන් තටිල් මේ සඳහා කළ යුතු කිසිම යෝජනාවක්ද ඉදිරිපත් කර නොමැත. කොටින්ම පොර ටෝක් දුන්නද ඔහුටද මේ සඳහා විසඳුම් නොමැත.

    පිළිතුරු සැපයීම
    • ඔබ ඔබට ඉතාම සුදුසු නම යොදාගෙන ඇති බව පෙනෙන්නේ ඔබේ බක බක ගෑම දු‍ටු විටය.ගෙම්ම්බෙක් මෙන් බක බක නොගා තටිල් කියා ඇති දෙය බලන්න. ඔහු කියන්නේ ඉසැඩ් ලකුනු ක්‍රමය වැරදි බව නොවේ. මෙවර විභාගයේ නිර්දේශ දෙකේ ඉසැඩ් ලකුනු එකට එකතු කිරීම වැරදි බවයි.

      පිළිතුරු සැපයීම
      • ගෙම්බා

         /  ජනවාරි 16, 2012

        බක බක හෝ ඉජු ඉජූ ගා ඇත්තේ විකල්ප පුවත්පතයි. මේ උපුටනය ඔවුන්ගෙනි. “උසස් පෙළ විභාගය සඳහා භාවිතා කරන ඉසෙඩ් ස්කෝර් ක්‍රමයේ නිර්මාතෘ වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රැපල් .ඕ. තටිල් මෙවර විභාගයේදී භාවිතා කල ඉසැඩ් ලකුණු ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි යැයි ප්‍රකාශ කළේය”

        තටිල් විස්න් පවසන්නට යෙදුණේ වෙනත් දෙයක් වුවත්, අඳ බාල විකල්ප එය වාර්තා කරන්නේ ඉහත ආකරයෙනි.

        “මෙවර විභාගයේ නිර්දේශ දෙකේ ඉසැඩ් ලකුනු එකට එකතු කිරීම වැරදි බවයි”

        එසේ පවසන්නට හේතු කිසිවක්ම ඔහුගේ ලිපියෙන් දී නොමැති අතර, තවත් සරසවි පහක මහාචාර්‍යවරුන් (තටිල් තරමටම සුදුසුකම් ඇති හෝ ඊටත් වැඩි ) ඒ ආකාරයට එකතු කිරීම කල හැකි බවයි. තවද, වෙන වෙනම ඉසෙඩ් ලකුණු ගැනීමෙන් හා එකට ගැනීමෙන් ප්‍රතිඵල වල සලකිය යුතු වෙනස්කමක් වන බව ඔප්පු කර පෙන්වීමටද තටිල් අසමත් වී ඇත.

        තටිල් ගහන්නේ ගංගා හෝ මා) හෝ ගේමකි. නිකම්ම වචන අතීසාරයක් පමණි. ඔහු කළ යුත්තේ මේ සම්බන්ධයෙන් සුස්දුසු දැනුමැත්තන් සමග විවාදයකට එළබීමයි. විකල්ප පත්තර කාරයන්ට ගැලරි ආතල් සැප්යීම ඔහු කරන්නේ නැවත් ප්‍රශ්න නො අසන බව දන්නා නිසාමය.

        වෛද්‍ය උපාධිධාරිණියක වන ඇට මැස්සාට සංඛ්‍යානය ගැන වැටහීමක් තිබිය යුතු අතර පත්තර කාරයන් ඉදිරියේ දෙන ගොන් ආතල් නියම සත්‍ය නොවන බව දැන්වත් වටහා ගත යුතුය. එසේම තමන් හැදූ සූත්‍රයේ වැරදි පසුව වැටහුණත් ඒ ගැන දැනුවත් කිරීමක් කිරීමටවත් නොහැකි වූ තටිල් ගේ කුහක වතද පිළිකෙව් කළ යුතුමය.

        පිළිතුරු සැපයීම
  4. To gemba,

    If you know some ststictics, do below:
    1. just makeup some scores (not similar) for two sets.
    2. Then Calculate mean (m) and standard deviation (SD) for those two sets.
    3. Then calculate individual z scores for each in two sets ( z = (individual score – m)/ SD).
    4. Calculate pool mean and pool SD for those two sets as done by exam department.
    5. Now calculate individual z scores for all
    6. See the difference between new pooled z and old score

    You will see the set who had low z score before will get even lower new z score and, who had higher will get even higher. Or, if one set had done worst and the top scores of the worst group will get lower z and who scored low in better group will get higher z score. This is not fare for the top scorers of very hard paper.

    Simply that’s what Prof. thattil is saying. It is clear for anyone has statistic knowledge. Prof. thattil cannot give all detail in a news conference. But if you search youtube for his conference it may clearer….

    xboy

    පිළිතුරු සැපයීම
  5. ගෙම්බා

     /  ජනවාරි 20, 2012

    @ XBoy

    The decision is against combined Z score vs 2 Z scores. What you have explained is true with combined Z score. But when we have two Z scores, the cut off will be decided by the % of each population (old vs new syllabus). The lower % population will have a higher cut off Z score, which will exactly give the same result. Thatiil is convinietly hiding this.

    පිළිතුරු සැපයීම
  6. මෙතන තමයි නියම ඇත්ත කතාව තියෙන්නේ…ඉසෙඩ් ස්කෝර් ගැන ඉගෙන ගෙන තියෙන අයට මේක තේරුම් ගන්න පුළුවන්.විභාග අවුල සැලසුම් කරලා කරපු එකක්.රජයේ විභාග අවුල් සහගත බව දැනුනොත් විතරනේ ප්‍රයිවෙට් කැම්පස් වලට තමන්ගේ දරුවො දාන්න දෙමාපියොත් උත්සාහ කරන්නේ.ඉතින් ඒකට අවුලක් තියෙන්න එපැයි.ඒක තමයි මේ කලේ.ඔය ඉස්සරහට දාන (දැනටමත් දාල ඉවරයි)ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් ගිහින් ඉගෙන ගෙන එන අයගෙන් බෙහෙත් ගන්න උන්ට බුදු සරණයි.අනේ ඒ එකෙක්ගෙන් වැරදි ඉන්ජෙක්ෂන් එකක් කාපු දාට තමයි කට්ටියට රඟේ තේරෙන්නේ.එස්.බී ලට විභාග කොමසාරිස්ලත් ඒක සාපයක් වගේ කවදා හරි දවසක අත් විදීවි.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 32 other followers